අතහිත

Friday, November 16, 2012

මම ආදරය කරමි...



ජීවිතය පටන් ගත් දා සිට
අප දන්නේ හඬන්නට පමණද?
මට එසේ සිතෙන්නේ
මන්දැයි මමවත් නොදනිමි..
කෙසේ වෙතත් මේ දිවියේ දී
මේ දක්වා කරන ලද
හැම දෙයක් දෙසම
විවෘත වෑ දෑසකින් බැළුකල
අවසානයේ ඉතිරි වී ඇත්තේ ද
කඳුල පමණක්මය...

කඳුල තුලින් උපන්
හෑම දේකටම
මම බොහේ සේ
පෙම් කළෙමි..
කඳුළින් උපන් දේ
මට මහමෙරක් දේ කියාදුනි
මට වැරදුනේ කොතැනද
මට කළයුතුව තිබුනේ කුමක්ද
මගේ තීරණ වල සාධාරණත්වය රැඳී තිබුනේ
එම කඳුළු වලය.
අවසානයක් නොමැති කඳුලක
නිමා කල නොහැකි පද වැලක්
මම ලියා ඇත..
මෙහි නිමාව කොතැනද?
නැතිනම් මෙය තවත් කඳුලක ඇරඹුමද?

මම ආදරය යනු කුමක්දැයි
අකුරු කළ අයෙක්මි..
ඒ පහන් දැල්ලෙන්ම
සරුවාංගයම දවා ගත් අයෙක්මි
ගින්නෙන් බැට කෑ එකා
ගිනි පෙනෙල්ලටත් බය යැයි කියන්නේ ‍ඇයි ද
යන්න මට දැන් වැටහීගෙන එන්නේය..

මා දන්නා පමණින්,
මා ආදරය හඳුනන පරිදි,
මා පැතූ ආදරය
මෙසේ හිමිවීම
මට
සිතාගත නොහැක්කෙමි..
ආදරය යනු වචන වලින් වත්
වෙනත් යමකින් වත්
ලැබෙන්නක්/ ලබන්නක්
නොව
ඔබේත් මගේත් එකතුවින්
ගොඩනැගිය යුත්තක් බව
මම අදහමි..
 

ඉඳින්,
මේ වීදුරු මාලිගාව තැනීමට
 
මම අත්තිවාරම් දැම්මෙමි..




Monday, November 5, 2012

උත්සවයට පෙර .. II සංග්‍රහය

ඕන්න පොරොන්දු උනා වගේම උත්සවයකට පෙර දෙවනි කොටස අරන් ආවා. - ප්‍රමාදය ගැන කණගාටුව..!

පළවෙනි කොටස කියෙව්වෙ නැත්තං මෙතනින් කියවන්න

අද කියන්න යන්නේ සංග්‍රහය ගැන.

මේ වෙද්දි ගොඩාක් දෙනා උත්සවයක් කියන්නේ හොදට කන්න බොන්න තියෙන තැනක් විදිහට හිතන්න පුරුදු වෙලා තියෙනවා.. මේක උත්සවයක තීරණාත්මක අවස්ථාවක් Turning Point  එකක් වෙලා. මේ හේතුව නිසා උත්සවයක් සංවිධානයකදි සංග්‍රහය ගැන සෑහෙන්න හිතන්න පුරුදු වෙලා තියෙනවා ඒ වගේම හිතන්න ඕනි වෙලා තියෙනවා..

සංග්‍රහය කියන දේ උත්සවයකදී හෝ මොනයම් අවස්ථාවකදීවත් කෑමෙන් බීමෙන් විතරක් මනින්න බෑ.. අපි උත්සවයකට හරි ගෙදරකට හරි , වෙන කොහේහරි ගියත් අපිව පිළිගන්න විදිහෙනුත් මේ සංග්‍රහය මැනෙනවා.. උත්සවයක් හරි ඒ වගේ දේකදි නං ඒ දේට සහභාගීවෙන පුද්ගලයෝ ඇතුල්වෙන තැනදිම පිලිගන්න ‍පුද්ගලයෙක් යෙදවීම සාර්ථක සංග්‍රහයකදී අනිවාර්යෙන්ම කෙරෙන්න ඕනි දෙයක්.. ඒ තැනට ගොඩාක් වෙලාවට ප්‍රියමනාප පුද්ග‍ලයෙක් යෙදීම වඩාත්ම උචිත වෙනවා.. රස්තියාදුකාරයා ව‍ගේ උදවිය මේ වගේ තැනකට දැම්මොත් නං ඉතිං වැ‍ඩේ කොට උඩ! අද නං ලස්සන හීනියට බඩ පේන්න ඇගට හි‍රවෙන සාරියක් ඇදපු මූණ පුරා එක එක පාට තවරපු ලලනාවෝ ඒ වගේ නැන්වල ව්‍යාජ හිනාවල් වලින් මූණු පුරෝගන ඉන්න අවස්ථා අපි එමට දැකල තියෙනවා.. ගොඩාක් වෙලාවට ඒ පුද්ගලයෝ දන්නේ නෑ එතන කෙරෙන්නේ මොන වගේ දෙයක්ද කියන දේ වත්.. ඒකෙ වැරැද්දක් කියනවා නෙවෙයි.. ඒ උනාට අපි හැම වෙලේම සංවිධානය කි‍රීමේදි සරල වෙන්න ඕනි.. (අවස්ථානුකූලව) ඒවගේම යොදවවන පුද්ලගයා සබකෝලෙ නැති කෙනෙක් වෙන්න ඕනි.. ඕනිම පුද්ගලයෙක් ඉස්සරහට කෙලින්ම ගිහින් කථා කරන්න බැරිනම් ඒ යොදවන පුද්ගලයාගෙන් වැඩක් නෑ වගේම ඒ පුද්ගලයා අසාර්ථක නම් එතනින් එහාට සංවිධානය වෙන දේවල් ගැන සහභාගීවෙන පුද්ගලයෝ පසු වෙන්නේ එච්චර පැහැදීමකින් නෙවෙයි..

Always try to give the best impression on the first site !

මේ කාරනාව අපේ ජීවිතවලටත් එකතුකර ගන්නවා නම් මේ ලෝකේ මීටත් වඩා ලස්සන වෙන්න තිබ්බ..

මේ ගැන පුංචි උදාහරන දෙකතුනකුත් දෙන්නම් කෝ..

සරලම තැනින් පටන් ගන්නම්... මේවා රස්තියාදුකාරයාගේ තියරි මිස පොත පතේ තිබ්බ ඒවා නෙවෙයි .. ඒ හින්ද වැරදි තියෙන්න පුළුවං.. ඒ හින්ද මං කියන දේ දේව සත්‍යය කියල හිතන්න එපා.. ඒවායින් තමන්ට ඕනි දේ තමන්ට ඕනි විදිහට කපල කොටල හරිගස්සල ගන්න.. එතකොටයි තමන්ට උවමනා විදිහට වැඩේ කෙරෙන්නේ..

අපි අපේ ගෙදරට එන අමුත්තෙක් වෙනුවෙන් පිලිගැනීම කොහොමද කරන්නේ..?

අපි හිතමු ඇවිත් දොරට තට්ටු කලා කියල.. අපි කොච්චර හදිස්සි වැඩක යෙදිල හිටියත් ආරාධිත පුද්ගලයෙක් රස්තියාදුකරවන්න , දොරක් ළඟ හිටගෙන ඉන්න ඉඩ තියන්න එපා.. තව දෙයක්, නොදන්න කෙනෙක් ඇවිත් ගෙදර දොරට තට්ටු කරල කව්රු හරි ගැන අහනවා.. අපි මොකක්ද කරන්නේ.. ? දොර ඇරල ඒ පුද්ගලයා ගැන දන්නවානං කියනවා නැත්තං දන්නේ නෑ කියනවා.. (හිතාමතාම දන්නේ නැති වෙන වෙලාවළුත් නැත්තේ නෑනේ..) ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ.. ඒ මනුස්සයා/ කාන්තාව අනිත් පැත්ත හැරෙනවාත් එක්කම දොර මහා හයියෙන් වහනවා (Slam) ඒක නිකං ඒ පුද්ගලයට කරන අගෞරවයක් වගේ රස්තියාදුකාරයා දකින්නේ.. ඒ වගේ අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් ඉන්නවානං දන්නවා ඇති ඒ වෙලාවට කොයි වගේ හැගීමක්ද ඇති වෙන්නේ කියලා..

ඒ පුද්ගලයා පොඩ්ඩ දුරක් යනකං පොඩ්ඩක් ඉවසන්න.. ඒක ඒ මනුස්සයාට සැලකීමක් වගේම තමන්ගේ ගෙදර ලස්සනට වවල තියෙන  මල් පැලයක් වත් ආරක්සා කර ගන්න පුළුවං අවස්ථාවක් ;)

ඒ වගේම විවාහ මංගලෝත්සව, අවමංගල, වැඩිවිය පැමිණීමේ වගේ උත්සව වලදි ඒ ඒ පළාත්වලට ආවේනික සුවිශේෂී ක්‍රම වලට අනුව පිළිගැනීම සිද්ධ කෙරෙනවා.. අපි මළ ගෙදරක් ගැන මුලින්ම තීරණයක් ගන්නේ දේහයට අවසන් ගෞරව දක්වන්න කලින් ඉන්න පිරිස සහ ඇතුල් වෙන තැන ආමන්ත්‍රණය කරන්න ඉන්න පිරිස මත.. මංගලෝත්සවයකදී නං මනාල/ මනාලි දෙපිරිසෙන් එක් පාර්ශවයක දෙමව්පියන් දෙදෙනා, ඒ දෙදෙනා ජීවතුන් අතර නැත්තං වැඩිමහල් සහෝදර සහෝදරියෝ.. වැඩි විය පැමිනීම් ගැන නං ඇත්තටම දන්නේ ගොඩාක් අඩු වෙන්..

රස්තියාදුකාරයගේ යාළුවෙක් එක්ක එක ගමනක් ඇඹිලිපිටිය සූරිය වැව පැත්තේ ගියා ඔය වගේ ගමනක්.. ඒක ඇත්තටම දැනගෙන ගිය එකක් නෙවෙයි.. යාළුව කථා කරා එයාලගේ යාළුවෙක්ගේ පාටියක් තියෙනවා කියලා.. ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් හම්බුනා.. ඉතිං ගියා... ගියාට පස්සේ තමයි දන්නේ ඒ අතවනා ආවේ කොහේටද කියලා.. අපේම වෙලාවට එතන හිටිය තවත් යාළුවෙක් එයාගේ වෙන්න නෝනා වෙනුවෙන් අතේ බඳින ඔරලෝසුවක් ලස්සනට ඔතාගෙන ඇවිත් තිබ්බ.. ඒ වෙලාවෙ හැටියට අපිට කරන්න තිබ්බ හොඳම වැඩේ හින්ද ඔ‍රලෝසුව දීල ශේප් එකේ කාලා බීල එතනින් මාරු උනා..

තවත් වැදගත් කාරණයක්..

තමන් කොයිම වෙලාවකදීවත් යන්නේ කොහේද, මොකටද, එතන ඉන්නේ කව්ද කියන කාරනේ නොදැන කිසිම උත්සවේකට සහභාගී වෙන්න එපා.. තමුන් යම්කිසි තැනකට/ උත්සවේකට ගියාට පස්සේ තමුන් එතනට ගැලපෙන්නේ නෑ කියල තේරිලා අපහසුතාවයකට පත්වෙනවාට වඩා ඒ වගේ තැනකට නොගිහින් තමුන්ගේ කාඩ් එක තියාගෙන හිටියනං ඒක තමුන්ට වගේම ඒ උත්සවේ ඉන්න යටත් ලොකු සැනසීමක්.. මේ කියන්නේ අත්දැකීමෙන්..!!!

දැං මාතෘකාව කන්න බොන්න දෙන සංග්‍රහය..

පොදුවේ කථා කරනවට වඩා මේක අපි හිතමු අපි රාජකාරි මට්ටමින් රැස්වීමක් පවත්වනවා.. ඒකට තමුන්ගේ රාජකාරි ස්ථානයේ ලොකු ලොක්කෝ එන්නේ කියලා.. ඒ වෙලාවට තමුන් කල්පනා කරන්න ඕනි ප්‍රධාන දේ තමයි වෙලාව..

උදේ නං උදේ තේක හෝ/ සහ උදේ කෑම (ගොඩාක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ නෑ.. මගුල් ගෙවල්, මල ගෙවල්, වැඩි.. , විවෘත කිරීම්, ගෙට ගෙවිදීම්, අකුරු කියවීම් වගේ අවස්ථාවලට තමයි වැදගත් වෙන්නේ.. ඒකෙදිත් ඔය කිව්ව අවස්ථා වලට වෙන් වෙන් වෙච්චි කෑම වට්ටෝරු තියෙන හින්ද ඒ ගැන වැඩිය වද වෙන්න ඕනි නෑ..)

දවල් වෙලාවක නං, අනිවාරයෙන්ම සිසිල් බීම එකක් හරි තේ/ කිරි ‍තේ එකක් වගේ දෙයක් සමග සැහැල්ලු ආහාරයක් වගේම දිවා ආහාරය. ආහාර ද්‍රව්‍ය සංවිධානයේදි තමුන්ගේ පොකට්ටුව ගැන හිතන්න ප්‍රධාන වශයෙන්ම.. ලොකු උත්සවේකදී වගේ නං, බජට් එක.. මොකද අපි දරන්න බැරි වියදං දරල පාඩු සිද්ධ කරගන්නවාද.. එහෙමත් නැත්තං පුළුවං විදිහට කරල ලස්සනට ඉන්නවද කියන කාරනේ අපිම තීරනේ කරන්න ඕනි.. හිතේ ආසාවල් තිබ්බට ප්‍රායෝගික ‍ලෝකෙදි ගොඩාක් වෙලාවලට ඒ හැම දේම කරන්න අමාරු විත්තිය සංවිධායක වරයෙක් මුලින්ම අවබෝධ කරගන්න ඕනි.. තවත් දෙයක්.. ආහාරය දෙන පුද්ගල කාණ්ඩේ ගැන හිතල ආහාරේ තීරනේ කරන්න..

මස් මාළු නොකන හාමුදුරුවරුන්ට දානේ විදිහට චිකන් කෑල්ලක්, මාළු කෑල්ලක් දිල පව් පුරෝ ගන්නවාද? මුස්ලිම් ආගම අදහන කෙනෙකුට එයාල නොකන මස් වර්ගයක් දීලා වාර්ගික ප්‍රශ්ණයක් ඇතිකරගන්වාද වගේ කියන හැම දේම තීරනේ වෙන්නේ තමුන්ගේ ක්‍රියාවෙන්..

මංගල උත්සවයක් ගත්තොත් මානමාලිට පස්සේ වැඩියෙන්ම කථා වෙන්නේ කෑම සහ බීම ගැන.. අවමංගල උත්සව වලදි මේ වෙද්දි මැරිච්ච පුද්ගලයාට වඩා කව්රුත් හොයන්නේ දෙන කෑම ගැන.. අද නං මේ අවස්ථා දෙකටම බුෆේ සම්ප්‍රදාය තියෙනවා.. ඒත් ගෙදර මේ වගේ දෙයක් තමුන් විසින්ම කරන්න හිතං ඉන්නවා නං මෙන්න මේ උපදෙස් ටිකත් ඔළුවට දාගන්න..  

  • උයන්න යොදාගන්න පුද්ගලයා හොද විස්වාසවන්ත/ පලපුරුදු කෙනෙක් වීම එයාගේ සහායට තමන්‍ට ගොඩාක් හිතවත් සහ සමිප කෙනෙක් යෙදවීම
  • කෝකියාට අවශ්‍ය සියළු කලමණා ඉවුම් පිහුම් පටන් ගන්න කලින් සැපයීම
  • ඉවුම් පිහුම් වෙනුවෙන් වෙනමම ස්ථානයක් (උත්සව භූමියෙන් එපිට- නොපෙනන දුරකින්) තෝරා ගැනීම
  • රාජකාරි ඉවර වෙනකං කෝකියා හෝ අත් උදව් කරුවන්ට බොන්න නොදීම..!!
  • උත්සවේ වෙනුවෙන් අපේක්‍ෂිත පිරිසට ව‍ඩා මඳක් වැඩි පිරිසකට ආහාර සැපයීමට සූදානම් වීම..

මං මුලින් කිව්ව වගේ මේ වෙද්දි ඕනිම දෙයක් කෑමෙන් බීමෙන් මනින්න මිනිස්සු පුරුදු වෙලා. ඒ හින්ද අපි දෙන දේ හරියට දෙන්න ඕනි.. කන්න බොන්න දීලත් කතන්දර අහගන්න ඕනි නෑනේ.. ඒ හින්දයි පළවෙනි කාරනාව කිව්වේ.. දෙවනි කාරනාව කිව්වෙත් අත්දැකීමක් හින්ද.. රස්තියාදුකාරයාගේ මිත්‍රයෙක්ගේ උත්සවයක් වෙලාවකදී දුන්නු ආහාර වලට යම් කිසි දෙයක් කලවං වෙලා කීප දෙනෙකුටම උත්සවේ අතරතුරම රෝහල්ගත වෙන්න උනා..පස්සේ හොයාගෙන යද්දි තමයි කාරනේ හොයාගෙන තියෙන්නේ.. ඒ පුද්ගලයාත් එක්ක අමනාප වෙච්චි කීප දෙනෙක් කෑම වලට මොනවද ජාතියක් එකතු කරල.. මෙතන පොඩ්ඩක් හිතන්න තියෙන දෙයෙක්.. අපි කාට හරි කෑමක් දෙනකොට ඒ දෙන කෑම හෝ බීම ජාතිය ගැන සම්පූර්ණ වගකීම තමුන්ට ගන්න වෙනවා.. ගම් ගොඩවල්වල රා මදින තැන් එහෙම තියෙනවනං, එහෙමත් නැත්තං ඒ වගේ තැන්වලට ගියපු උදවිය ඉන්නවානං දන්නවා ඇති ගහමුලදිම රා මදින පුද්ගලයා රා කට්ටක් බීල තමයි අනිත් අයට දෙන්නේ.. ඒක සාම්ප්‍රදායිකව පැවතගෙන එන චාරිත්‍රයක් වගේ එකක්. එතකදි කෙරෙන්නේ තමුන් විකුණන නැත්තං බෙදන දේ ගැන වගකීම් සහතිකයක් දීල තමයි දෙන්නේ.

තමුන්ගේ ගෙදරට ආපු කාට උනත් තේකක් දෙනවානං තමුන් බීල හිටියත් තමුන්ටත් තේකක් හදාගන ඒ බොන අයත් එක්කම බොන්න.. එතකොට ඒක එයාලටත් පහසුවක්.. අපි සමහර වෙලාවට තැනක‍ට ගිහාම කොච්චරවත් පෙරැත්ත කිරීම්වලට ලක් වෙනවද තේකක් බොන්න ගියාම නේද? අරහෙම උනාම ඔන්න ඔය කියන අපහසුතාවය මග හැරෙනවා.. 

තුන්වෙනි කාරනාව..
උත්සවයක් අස්සට හිටිගමන් දුං ගදගහන පුද්ගලයෙක් ඇවිත් සංවිධායක කෙනෙකුට මොනවාදෝ කියනව.. ඊට පස්සේ ඒ මනුස්සයා පස්ස කැඩිච්චි කඩියා වගේ එහේ මෙහේ දුවනව දකින්න ලැබිල ඇති. ගොඩාක් වෙලාවට කෝකිවරු තමුන්ට අවශ්‍ය කලමණා ඔක්කෝම තියෙනවාද කියල බලන්නේ උයන කොට.. ඉතිං මොනවා හරි නැත්තං හරි මදි උනොත් එයාම හරි ගෝලයෙක් හරි එවනවා සංවිධායක ගාවට.. එතනින් එහාට කියන්න ඕනි නෑනේ.. මම දෙවනියට කිව්ව කා‍රනේ වැදගත්‍ වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී.. එහෙම යොදවන පුද්ගලයෙකුට ක්‍ෂණිකව හිතල තීරණ ගන්න පුළුවං පුද්ගලයෙක් වීම අත්‍යාවශ්‍යයි.. මං මගේ මුල් ලිපියේ කිව්ව වගේ ඕනිම දෙයක් බැක් කරන්න පුළුවං කෙනෙක් වෙන්න ඕනි.. හදිස්සියේදීවත් උදව්වට ඉන්න ගෝලයාගේ අත කැපුනා.. අඩු තරමින් අර ඉන්න පුද්ගලයාට ක්‍ෂණිකව ඒ වෙනුවෙන් කෙනෙක් යොදවන්න එහෙමත් බැරි අවස්ථාවක් නං ටයි ‍කෝට් අමතක කරල එතන වැඩ ටික කරන්න පුළුවං නං ඒක උත්සවේ සංවිධායකට වගේම කෝකියාටත් ලොකු හයියක්.. මොකද ගොඩාක් වෙලාවට ඔහොම වැඩ කව්රුත් කරන්නේ නෑ.. ‍එහෙම කරා කියන්නේ ඒ කෝකිටයාටත් හැගීමක් එනවා යකෝ මූත් මෙහෙම සපෝට් එක දෙනවානං මං මගේ රාජකාරිය පුළුවං උපරිමෙන් කරන්න ඕනි කියල..  

ස්ථානය ගැන අමුතුවෙන් කියන්නේ නෑ.. මොකද උයන පිහින තැන් උත්සවේ පේන දුරින් තියෙනවා කියන්නේ දුං වගේම උයන කෑම වල සුවද වගේ දේවල් උත්සවේ තියෙන තැනට එන එක එච්චර සාර්ථක සංවිධානය කිරීමක් වෙන්නේ නෑ.. ඒ වගේ දේවල් පුදුම Surprise විදිහට කරන්න ඕනි ඒවා.. අනික ඔහොම පේන්න තියාගෙන උයද්දි එතනට සාමාන්‍යයෙන් කට්ටිය එකතු වෙනවා.. එතකොට එතන තියෙන රාජකාරි හරියට කර ගන්න අමාරුයි..

බොන්න දීම..
සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ කෝකියෝ රාජකාරි වෙලාවේදී බොන්නේ නෑ.. කලාතුරකින් එහෙම කරන උදවිය ඉන්නවා.. ඒත් තමුන්ගේ උත්සවයක් වෙනුවෙන් උයන්න ගේන පුද්ගලයා බීල කෑම එක විකාරයක් කරොත් ඒක තමුන්ට ලොකු කළු පැල්ලමක් එකතු වෙන වැඩක්.. ගොඩක් අය කෑම උයන්න බාරදීල හරිද කියල විතරක් අහන්න ලෑස්ති‍ වෙනවා..ඒත් සාර්ථක සංවිධායක වරයෙක් එහෙම කරන්නේ නෑ.. හැම වෙලේම ඒ ‍ඒ දේවල් ගැන හොයල බලනවා.. එහෙම නැත්තං ඒ වෙනුවෙන් වෙන වෙනම පුද්ගලයො පත්කරනවා ඒ දේවල් හරියාකාරව සිද්ධ  වෙනවාද කියල හොයල බලන්න. තමුංගේ දෙයක් චාටර් ‍කරගන්න, කට්ටියක් ඉස්සරහ නෝන්ඩි වෙන්න කවුරුත් කැමති නෑනේ.. ඒ හින්ද බොන්න දෙද්දි වැඩේ ඉවර කරල දෙන්න.. ඉවර උනාට පස්සේ බීල මොන ඩෙගා නැටුවත් තමුන්ගේ වැඩේ සාර්ථකව ඉවර වෙලා ‍හින්ද ලොකු ගැටළුවක් උත්සවේට එන්නේ නෑ..

සහභාගී වෙන පිරිස..
හැම වෙලේම අපි අපේක්‍ෂාකරන පිරිස කීයද ඊට වඩා වැඩි ප්‍රමාණයකට සූදානම් වෙන්න.. මොකද එන කාවවත් බඩගින්නේ යවන එක හොද නෑ.. අනික කාන්ඩෙකට කෑම ලැබිල, තවත් කා‍ණ්ඩෙකට නොදී ඉන්න උනොත් ඒක කොහෙත්ම හොද දෙයක්, සාර්ථක සංවිධානයක් වෙන්නේ නෑ.. මේ කියන්නේ අත්දැකීම් වලින්. ඒ හින්ද සූදානම් වෙන්න 100 එන්න සැළසුම් කරා නං 125 කට වත් අඩුම තරමේ.. තමුන් හිතන්න.. එන උදවියට විතරක් සලකලා හරියන්නේ නෑ.. තමුන් එක්ක හිටි කා‍ණ්ඩේ ගොඩාක් වෙලාවට කෑම ගන්නේ උත්සවයක් සම්පූ‍ර්ණෙන්ම ඉවර උනාම.. එහෙම වෙද්දි එයාලට කෑම නැති උනොත් ඒක බොහෝම ඛේදනීය අවස්ථාවක්.. එයාල තමුන්ගෙන් කෑම බීම බලාපොරොත්තු නොවෙන්න පුළුවං.. ඒත් අපේ යුතුකමක් වෙනවා ඒ හැමෝම වෙනුවෙන් දෙයක් ලබාදීම.. තමුන් යට‍තේ සේවය කරන මෙහෙකරුවන්ට උනත් මේ වගේ අවස්ථාවලදි කෑම එකක් දුන්නයි කියල පාඩු වෙන්නේ නෑ.. ඒක පොඩි මානසික අල්ලසක් වෙනවා තමුන්ගේ වැඩේ හරියට කරගන්න.. 

අපේ රටේ සම්ප්‍රදායක් වේගන යන දෙයක් තමයි තමුන් මොකක් හරි සංවිධානය ‍කරල ඒකේ සංග්‍රහයක් පවත්වපු අවස්ථාවකදී වටේ පිටේ ඉන්න හැමෝටම ඒ විදිහටම සංග්‍රහ කරන්න.. මේක කොහෙත්ම අදකාලෙට ගැලපෙන තියරියක්‍ නෙවෙයි.. ඒ වෙලාවට අවස්ථානූකූලව ක්‍රියාත්මක වෙන්න සංවිධායක වරු කලින්ම සැලසුම් කරන්න ඕනි.. 

අපි සෑහෙන දෙනෙක් වෙනුවෙන් කලා උලෙලක් වගේ දෙයක් කරනවා කියල හිතන්න.. එතකොට එතනට කාණ්ඩ දෙකක් යටතේ කට්ටිය එනවා.. ඒ හැමෝටම එකවගේ සංග්‍රහ කිරීම එච්චර සාර්ථක නෑ.. මොකද ගොඩාක් වෙලාවට ඔය ඉස්සරහ පුටු වල වාඩි‍වෙන ආරාධිත පුද්ගලයෝ ඒවට කැමති නෑ.. දෙන්න තියෙන එකම ‍දේ වෙන්න පුළුවං.. ඒත් එයාලට වෙනම තැනක් ඒ වෙනුවෙන් සූදානම් කරන්න.. සහභාගී වෙන පුද්ගලයන්ට පේපර් ‍ප්ලේට් එකක දෙයක් සහ ප්ලාස්ටික කෝප්පෙක බීම එකක් දෙනවා නං අර ඉස්සරහ ඉන්න ‍උදවිය වෙනමම තැනකට අරන් ගිහින් ඒ දේවල්ම වෙනමම මේසෙක ලස්සනට අහුරලා වීදුරු කෝප්ප වල බොන්න දෙන දෙයක් තියෙනවා නං දෙන්න.. වැඩේ සිම්පල්..

අමුත්තන්ට මොනවද  දුන්නේ කියල අනිත් අයට දැනගන්න ඉඩ තියන්න එපා.. ඒකයි වෙනම තැනක් ඒ වෙනුවෙන් යොදා ගන්න කිව්වේ.. 

අනිත් කාරනේ සංග්‍රහය වෙනුවෙන් තමුන්ගේ න්‍යාය පත්‍රවල වෙනමම වෙලාවල් ‍යොදාගැනීම. ඒ ගැන අමුත්තන්ට ආරාධනා කරද්දි දෙන න්‍යයා පත්‍රයේ සදහන් උනේ නැති තරමට හොදයි. මොකද එහෙම නොවෙද්දි එයාල ‍මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒත් අපි සංග්‍රහයක් දැම්මොත් එයාල ලොකු ලොකු දේවල් බලා පොරොත්තු වෙනවා.. ඒ හින්ද සංග්‍රහය තමුන්ගේ න්‍යය පත්‍රවලට විතරක් ඇතුල් කලොත් වැඩිය හොදයි..

අවසාන කාරනේ සියල්ල අවසානයේ පිරිසිදු කිරීම සහ අඩුපාඩු ‍සොයා බැලීම.. තමුන් යම්කිසි තැනක් උත්සවයක් වගේ දේකට යොදා ගත්තට පස්සේ ආපසු බාරදෙද්දි ඒ තැන ගත්තු විදිහටම බාර දෙන්න උපරිම උත්සාහ කරන්න.. තමුන්ට ලැබිච්චි සාලාව අතුගාලවත් නැති එකක් නං ඒක ‍ඒ විදිහටම තියල දෙන්න කියන ‍දේ නෙවෙයි කියන්නේ.. එතන පිරිසිදු කරල දෙන එක අපේ යුතුකමක් වෙනවා.. හොටල් වල වගේ තැන්වල නම් ඒ ආයතන ඒ වෙනුවෙනුත් අය කිරීම් කරන හින්ද ඒ ගැන වද වෙන්න දෙයක් නෑ.. දැං කාලේ ගොඩාක් උත්සව ‍ඒ වගේ පිට තැන් වල සංවිධානය වෙන්නේ මේ හින්ද.. ඒත් හැමෝටම ඒ දේවල් කරන්න අමාරු හින්දයි මේ ලිපි ටික ලියන්න හිතුවේ..

මට අතපසු වෙච්චි දේවල් තියෙනව නං දන්වන්න.. 

ඔබ විසින් සංවිධානය කෙරෙන අවස්ථා සාර්ථක වේවා...!!

සංවිධානයකදී අත්‍යාවශ්‍ය තවත් දේවල්


-රස්තියාදුකාරයා-

(පෝස්ටු දිග වැඩි වීම ගැන කණගාටුව .. ඒත් මේකෙ කොයික අයින් කරන්නද කියල හිතාගන්න බැරි හින්ද සම්පූර්ණ පෝස්ටුවම දැමීමට ‍තීරණය කල බව කණගාටුවෙන් දන්වා සිටිමි. ස්තූතියි!)

Thursday, November 1, 2012

සෝ ලෝන්ග් බ්‍රදර්


(අන්තිම වෙනකං කියවන්නේ නැතුව එක එක මනස්ගාත එහෙම හිතා නොගනීවා...!!! )

කාලය අපට හුගාක් දේවල් කියල දෙනවා.. අපිට ලබා දෙනවා.. නැති කරවනවා.. ඒ අතරින් වැදගත්ම දෙයක් තමයි කිට්ටු යාළුවෝ.. රස්තියාදුකාරයාට රට වටේම යාළුවෝ ඉන්නවා.. ඒත් ඒ අය අතරින් සීමා මායිම් නැති යාළුවෝ විදිහට ඉන්නේ අතලොස්සක විතර පිරිසක්.. ඒක ඔයාට ම‍ට විතරක් නෙවෙයි.. ගොඩ දෙනෙකුට එහෙමයි.. 

බුදුදහමේ කියල තියෙන විදිහට පියේහි විප්පයෝගෝ දුක්ඛෝ විදිහට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.. ඒක මොනම ආගම අදහන කෙනෙක් උනත් වෙනස් වෙන්නේ නැති දෙයක්.. මේ ලිපිය ලියැවෙන්නේ එහෙම හිතවත්කමේත් උපරිමේට ගිය ම‍ගේ හිත‍වත්ම මගේම සහෝදරෙයෙක් වගේ හිටිය කෙනෙක් වෙනුවෙන්..

අපි මුලින්ම හම්බුවුනේ රස්තියාදුකාරයාගේ වත්මන් රාජකාරි ස්ථානයේදී.. ඒකත් ලොකු රාජකාරි කටයුත්තකදි.. එතනින් ඇතිවෙච්ච අපේ මිතුදම දිනෙන් දින වැඩි වුනා. ඒක වෙන්න විශේෂ හේතු කාරනා කීපයක්ම තිබුනා.. මං වගේම තැන තැන රස්තියාදුගහන එක ඒ හැම දේකටම වඩා ලොකුම සාධකේ උනා.. සහ අපි දෙන්නම එකම විෂය ක්‍ෂෙත්‍රයක අධ්‍යාපනය ලැබූ අය වීම. රාජකාරියේදී මට හම්බුවෙච්ච සාම්ප්‍රදායික රාජ්‍ය සේවකයෙක්ගෙන් වෙන් වෙච්චි චරිත කීපයකින් එකෙක් උඹ.. හැම එකාම ‍කඩදාසි කෑලි වල ලිය ලියා වැඩ කරද්දි උඹ ප්‍රෝගෑම් ලිව්වා.. අනිත් උන් *ක ඉරාගෙන නැහෙන වෙලාවට උඹ ආතල් එකේ උඹේ විදිහට වැඩ කරන්න ගත්ත.. ගොඩාක් රාජ්‍ය සේවා වල වගේම අනිත් උංගේ ඉරිසියාව වගේ එවට මේ හින්ද උඹට තෑගි විදිහට හම්බුඋනා..

ඒ කොයි හැ‍ටි වෙතත් සමහර අවස්ථා වලදී අපි අතරෙත් ගැටුම් වගේම මතවාද වගේ දේවලුත් නොතිබ්බ නොවෙයි. එහෙම නැත්තං කිසි ආතල් එකක් නෑ නේ... අපි අපේ මත වාද ඔස්සේ ඉල ඇදෙන තර්ක ඉදිරිපත් කරගෙන අන්තිමේ හැමදාම සාමකාමි විසඳුම් වලට ආවා.. ඒ වගේම මගේ නං ටිකක් විතර අඩු උනත් උඹ කොයිම වෙ‍ලාවක වත් මං දෙයක් කිව්වොත් ඒක අහක දැම්මේ නෑ.

අහම්බෙන් හම්බුණු වෙලාවල මේ පලාතේ තියෙන තැන්තැන් වල රස්තියාදුගහන වැඩේ පටන් ගත්තේ උඹයි මායි. ඒ වගේම රස්තියාදුකාරයා කියන චරිතෙත් එක්කම රස්තියාදුකාරයාගේ දි‍නපොත මේ විදිහට ලියන්න මුලින්ම මාව උසිගැන්නුවේ උඹ.. මං ලිව්ව එකක් මුලින්ම කියෙව්වෙ උඹ.. අඩුපාඩු පෙන්නුවේ උඹ.. එහෙව් සහෝදරයෙක් සමුගැනීම මට නං ලොකු පාඩුවක් දුකක්..

මේ කොයි හැටි වෙතත් උඹ යන්නේ හිටිය තැනට වඩා දස දහස් ගුණයක් හොද, උඹ ඇත්තටම යන්න ආසාවෙන් හිටි දිහාකට.. අනික මෙහේ හිටිය වගේ නෝ ඇඩ්රස්, නෝ ලයිසන් වගේ නෙවෙයි.. උඹට බය නැතුව පොරක් වගේ ඉන්න පුළුවං තැනකට, තනතුරකට..

මචං උඹ තවම පටන් ගත්ත විතරයි.. උඹට තව මහ හුගක් ඉස්සරහට යන්න පුළුවං.. ලැබෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගනිං.. බොක්ක හොද එවුන්ට වරදින්නේ නෑ මචං..

අන්තිමට, මේ හි‍ටි ටිකේ රාජකාරි මට්ටමින් වේවා, පුද්ගලික මට්ටමින් වේවා, අත් වැරැද්දක් කටවැරැද්දක් උනා නං ඒ හැම දේටම කණගාටුව සහ සමාව...

උඹට සදා ජය මචං..!
-රස්තියාදුකාරයාගේ දිනපොත අකුරු කරවීමට දිරි දුන් මහනුවර සිංහලයා ලියන මහේෂ් සිරිවර්ධන සහෝදරයාගේ උසස්වීම සහ ස්ථාන මාරුව වෙනුවෙන් සදා සොයුරු රස්තියාදුකාරයා-
මහේෂ් සහෝදරයා සහ මම රස්තියාදුවකදී....