අතහිත

Monday, August 27, 2012

ආයෙමත් ආදරෙන්




මලක සුවද දිගේ හිත අතරමං වෙද්දි,
සිංදුවක පද වැලක් ඇහෙද්දි,
කොහේ හරි රස්තියාදුවක් ගහද්දි,
උඩ බැළුවත් බිම බැළුවත්,
හිතේ ඇදෙන්නේ ඔයාමයි...

ඔව් ඔයාම තමයි..


නිදි යහනේ මාත් එක්ක හිමින් හිමින් තුරුල් වෙද්දි,
මගේ හීන ලෝකේ හෙමින් හෙමින් දග කරද්දි,
හීනියට මගේ හිත කොනිත්තද්දි,
බිදිච්ච මගේ හිතට පුංචි හරි සිහිලක් ගෙනාවේ ඔයාම තමයි...

ඔව් ඔයාම තමයි....


මගේ රැවුල ගැන විකාර ලෝක එවුන් කියද්දි,
මගේ ජාතිය ආගම ගැන ලෝකෙටම ප්‍රසනයක් වෙද්දි,
ඒ ගැන කිසිම ප්‍රස්නයක් ඇති නොරගත්තේ ඔයා විතරයි,
ත‍ඹේකට ඒ ගැන කථා නොකලේ ඔයා විතරයි රත්තරං..

ඔව් ඔයා විතරමයි...


මුලු මුලු වල කොල්ලො කෙල්ලෝ මල් කඩද්දි,
බස් එකේ කොනේ සීට් වල දෙන්‍න දෙන්න ගුලි වෙද්දි,
ලෝකෙටම හොරෙන් කම්මුලක් ඉඹිද්දි,
මගේ හිත දුවං ආවෙ උඹ ගාවට,

සත්තමයි උඹේ උණුහුම දිහාට...


මට මේ ලෝකේ වැඩියෙංම ආදරේ කාටද කියල හෙව්වොත්,
උඹ තමයි මුලින්ම ඉන්නේ..
මං හොදාකාරයෙන් දන්නවා උඹ නොදන්නවගේ හිටියට,
උඹ මට තියෙන ආදරේ...

සත්තමයි මං දන්නවා..


මං හරි ආසවෙන් ඉන්නේ,
උඹ ගැන මුළු ලෝකෙටම කියන්න,
මොන දේ වුනත් මං දන්නවා,
උඹ කීයටවත් මාව දාල කොහේවත් නොයන විත්තිය...


සත්තයි මං දන්නවා..

ඔයා මගේම මගේම විතරයි ම‍ගේ රත්තරං...
.
.
.
.
.
.
.


.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔයා මගේම හදවත - ඔව් මං උඹට ගොඩාරියක් ආදරෙයි බන්..
(වෙන අදහස් ඔළුවෙ තියං කියෝල බනිනවා එහෙම නෙවෙයි ඕං... ;) )

Monday, August 20, 2012

දළදා සමිදු වැද පුදා ගත් වගයි...

හරියටම මාසෙකට පස්සේ තමයි පෝස්ටුවක් ලියැවුනේ... හුම්... ඒකෙත් හැ‍ටි...


පාළු මූසල වැහි අදුරකුත් එක්කම හවස හය විතර වෙද්දි කොළඹට එන්න පුළුවං උනා.. පුදුම මහන්සියක් තිබුනෙ.. පැය පහක් බස් එකේ හිටගෙන.. බස් එක නං අවුරුදු ගානක් නිතර දෙවේලෙ ගියපු එකක්.. ඒත් කරුමෙටම එදා හිටියෙ ටැම්පරි ඩ්‍රයිවර් කෙනෙකුයි අළුත් කොන්දෙකුයි.. ෆුට් බෝඩ් එකටවත් බහින්න විදියක් නෑ.. දොරගාව හි‍ටගෙන ගිහින් කකුල් දෙක චප්ප කරගන්න තියෙන අකමැත්තයි, ටයර් එකේ ගාඩ් එක උඩට හිටගෙන නගින බහින උදවියට ඉඩදෙන්න යද්දි රැක් එකෙයි වහලෙයි තරගෙට ඔළුව වදින්න ගත්ත හින්ද අකමැත්තෙන් උනත් බස් එකේ ඇතුලට ගියා.. ලස්සන ගෑණු ළමයෙක් ගාවටම ආමාරුවෙං තල්ලු කරගෙන යා ගන්න පුළුවං උනා.. ඒ ළමය දැක්ක ගමන් කැම්පස් කියල නං කියන්න පුළුවං උනා.. ගියපු පාරේ විදිහට අනිවා ජ'පුරෙ තමයි කියල හිතුනේ.. බැලින්නං කොළඹ.. මට මොකෝ කොහේ උනත්.. ඒත් ඒ ළමයගේ මං දැක්ක ලස්සනම දේ තමයි බස් එකේ සීට් එකේ වාඩි වෙලා යද්දි පොඩි එකෙක් වගේ හරි හු‍රතලේට, කණ පැලෙන්න දාල තිබ්බ සිංදුවේ තාලෙට කකුල් දෙක පද්දනවා.. අපි වාඩි වෙච්ච ගමන් අනික් පැත්තතෙ සීට් වල ඉන්න එවුං කන්න වගේ මූණ දිහා බලනවා.. මොකෝ අඩු දිගයිනේ.. අකුලගන්න හරි අමාරුයි.. ඒත් මේ චූ‍ටි කෙල්ල හරිම හුරුබුහුටියට සී‍ට් එකේ වාඩි වෙලා අත් දෙකෙන්ම පොඩි එකෙක්ව අල්ල ගන්නවා වගේ ලැප් එකත් බදාගෙන තාලෙට එහාට මෙහාට කකුල් ‍පද්දනවා... බලන්න ආසයි.. ඒත් ඕවා බලල දකින එවුංහරි, ඒ ළමය හරි වෙන මොකක්හරි හිතුවොත් කියල අමාරුවෙන් අහක බලාගෙන කොළඹට ආව.. 

ටෙක්නිකල් හංදියෙන් බැහැල අළුත්කඩේ පැත්තට එද්දි දන්න  කියල මූණු එක දෙක දකිද්ද, වීල් එකකින් දෙකකින් හොන් පාරවල් ඇහෙද්දි ගමට ආවාම දැනෙන්නේ නැති මගේ කමක් දැනෙන්න ගත්ත.. ෆ්ලැට් එකේ පඩි පෙල ගාවදිම හම්බෙච්චි මැන්ඩිස් අංකල් හනේ කොල්ලෝ මොකෝ මේ... නෝම්බිවත් ඇල්ලුවද? කියල හිනාවකුත් එක්ක පිටට තට්ටුකරල අහද්දි ඒ අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් විදිහට නෙමෙයි පේන්න ගත්තේ.. මගේම නෑ කෙනෙක් වගේ.. පුදුමෙ කියන්නේ, ගමට ගියාම මේ වගේ කථාවක් කීයටවත් කව්රුත් මූණට කියන්නෙත් නෑ.. කොහෙන් හරි ළිං පඩියක, කඩ පිළක් උඩ කථාවෙලා කථාවට තව අටුවා ටීකා එකතුවෙලා එහෙමමත් කොන්දක් තියෙන, ගමේම ඕපදූප හොයන එකෙක් අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහල තියෙයි පුතා දැං ආගම මාරුකරල නේද? කියල..කොළඹ ආපු ගමන් පරණ යාළුවො සෙට් එකේ එකෙකුට කෝල් එකක් ගත්ත.. 

මචං බීඑම්අයිසීඑච් යංද?

අම්මට සිරි කොයිවෙලේද ගොඩ බැස්සේ??? විනාඩි දහයක් දියං... මං අම්‍මගේ කණ්ණාඩි දෙක හදන්න අසංගයගෙ කඩේට ආව.. කඩේට වරෙන්කෝ..

බෑ බං.. ‍ඔහේ ආවොත් අනිත් උංට අවුල්.. උඹලගේ ගෙදරට, ධම්මි අක්කලගේ ගෙදර‍ටයි, පංසලට, වජිරයගේ ගෙවල් පැත්තේ, කබරයාගේ ගෙවල් පැත්තේ හැම තැනටම යන්න වෙනවා.. ඔහේට ආව කියල ආරංචි උනොත් නාරහෙංපිට අනිවා අදින්න වෙනවා.. දෙමටගොඩ පැත්තෙ ටිකට් එක කැපෙනවා.. උඹට එහෙම නෑනේ.. වරෙං වරෙං..

හරි හරි.. තොපිට ඉතිං දැං අපේ ගෙවල් වල එන්න බෑනේ... 

පල *** යන්න.. මගේං මොකුත් අහගන්න එපා.. මේ ගෙදර මිනිස්සුත් ඉන්නවා.. උඹ මරදානට ඇවිල්ල මට‍ කෝල් එකක් දියං..

උඹ දැං කොහේද ඉන්නේ.??

ටෙක්නිකල්.. ඉක්මනට ඔය වැඩේ ක්ලෝස් කරල වරෙං.. ෂෝටක් දාල යං.. මං වොෂ්කට්ටක් දාගෙන එන්නං.. හරි?

එල එල.. මං මේක ඉවර කරල එන්නං...

තෝ ගෙම්බ.. දැං කොහේද යන්න හදන්නේ??? ආ.. උඹ දැං ගෙදර ආව විතරනේ.. අම්මේ.. මෙන්න මූ රෝන්දෙ ගහන්න යන්න හදනවා...

ඉතිං තාත්ත, තාත්ත කියන්නේ ඌට මෙහෙට්ට වෙලා ඉන්න කියලද? ඔය‍ සෙට් එක දැං සෙට් වෙන්නෙම නෑනේ.. පුතේ උඹ ගිහිං වරෙං.. රෑට කෑම මොකද කරන්නේ? අදම ආපහු යනවද??

ඒකනේ නැන්දේ.. මං අද නවතිනවා.. හෙට පොඩි ටුවර් එකක් දාන්න කියල.. හික් හික්.. කෝ නැන්දේ මගේ තුවාය..

මගේම ගෙදර වගේ අල්මාරිය අවුස්සලා ඇදුං ටිකත් හොයාගෙන නාල කරල ඉවරවෙද්දිම නැන්දගේ දූ පොඩ්ඩ ආවා.. මෙදා පාර සිස්සත්තේ.. 

අයියෝ... මෙන්න ජෙස්මින් ඇන්ටිලාගෙ ගෙදර යන්න ඕනි කෙනෙක් පාර වැරදිලා මෙහේ ඇවිල්ල.. යන්න යන්න.. ගෙට්ටුවෙං අනිත් පැත්තෙ ජෙස්මින් ඇන්ටි ඉන්නේ...

මදෑකලා... 

ඇද්ද තොට.. අහගත්තනේද???

කුම්බලා මාළු කෑවනං විදෝපං බළලෝ කිව්වලු...

හා හා... දැං පාඩං කරල ඉවරද? 

පාර වෙන පැත්තකට හරවන්න ඕනි හිංදම එහෙම ඇහුවා.. 

හාහා.. ඒව මගේ වැඩ. මං ඒවා බලා ගන්නං.. ආ තාත්තේ මෙයා අපු වෙලේ අර මවුස් එක බලන්නකෝ...
මේකි ලොකුවෙද්දි මොකෙක් වෙයිද කියල මට හිතාගන්න බෑ.. මගේ මූණෙ තිබ්බ වෙනස දැනිලද මංද මාම ඇහැක් ගහල, හිනාවෙලා පිටට තට්ටුවකුත් දාගෙන කාමරේට ආව..

මවුස් වීල් එකයි ලෙන්ස් එකයි පොඩ්ඩක් එහාට මෙහාට වෙලා.. ආපහු ඇණෙත් දාල දුන්නාම වැඩ..
අනේ දෙයියෝ... වැහි දෙයියෝ කෝප වෙලා.. දැං ඉතිං කොහේ යන්නද?? එහෙම ‍හිතෙද්දිම මැසේජ් එකක්.. 

WTF!! mata gdr ynna widiyk na bn me ***na wesska hinda :@ :/ Ada set wenna briwei wge mchn.... c ya nxt tim bro.. 

enn klin cal 1k deela weren anith dawase.. n8k ghnna blgna wrn.. reta meheta wrenko... gdra set wemu.. kbryth ennm qwa.

මචෝ අද මෙහේ ඉන්න වෙනවා... එන්න වෙන්නේ නෑ.. මං මේ පොඩි ටුවර් එකක් ගහන්න ආපු ගමන්.. වෙන දවසක සෙට් වෙමු.. 

රී යුනියන් එකට අබ සරණයි.. දැං ඉතිං මොනවා කරන්නද?? ටීවී එකදාගෙන ඔලිම්පික් ජිම්නාස්ටික් බලන්න පටන් ගත්ත..

ඒක බලල ඉවර වෙද්දි මං මෙහේ ඉන්දැද්දි මාගේ ආසම කෑමක් මාමා අරං ඇව්ල්ල.. මණි පිටිටුයි පොල් කිරියි, සීනීයි මසුයි.. 

මාමේ අද නං මස් කන්න බෑ.. මං හෙට නුවර යනවා.. මං සීනිත් එක්කම කන්නං.. 

වැදගත් ආගමික ස්ථානයකට යද්දි අනිත්වා නැතත් කෑමෙන් වත් පොඩ්ඩක් හරියට හිතල යනවා කියල සීනි වලින් ෂේප් වෙලා ආගිය කථා කර කර ඉදල දොලහ විතර වෙද්දි නිදාගන්න සෙට් වුනා..

දැං නින්ද යන්නේ නෑ.. 

පොඩි එකී නිදා ගන්න කලිං වෝර්නිං එකක් දුන්නා.. අද රෑට රැවුල කපනවයි කියල.. මට ඒකි ගැන විස්වාසයක් නැති උනත් මගේ නින්ද ගැන පට්ට සුවර් ‍එකක් තිබ්බේ... මොකද රැවුල නෙවෙයි බෙල්ල කැපුවත් නින්ද ගියාට පස්සේ මට ඇහැරෙනවා බොරු...

රැවුලත් ඕනි .. නින්දත් ඕනි.. ඔය අතරේ මාරුවෙං මාරුවට නින්දයි නොනින්දයි අතරෙ කැරකි කැරකි පැයෙන් පැය ඇහැරි ඇහැරි නිදාගෙන උදේ පහ හමාරට නැගිට්ට.. නැන්දත් නැගිටල උදේ තේක හදල දීල පඩුරු ටිකකුත් සෝදල දුන්න.. 

මට නං ඉතිං තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයිනේ පුතේ.. දන්නවනේ...

ඒ බැල්මේ තිබ්බේ අම්මෙක්ගේ දරුවො වෙනුවෙන් එන අවංක අව්‍යාජ ආ‍දරේ විස්තර කරන්න මං වචන දන්නේ නෑ.. මගේ අම්ම මං වෙනුවෙන් හෙලපු දාඩිය මං දැක්කේ බෝම අඩුවෙං.. ඒ වෙන මොකුත් හින්ද නෙවෙයි.. අපේ අම්මයි තාත්තයි හැම වෙලේම මගේ තිරේ පිටිපස්සේ ඉදං මාව දිරිගැන්නුවා..‍ තිරෙං පිටිපස්සේ ඉදං එලියට එද්දි එයාලගේ කදුළු හැංගුවා... එයාලගේ හිනාව මට, මගේ ආත්මෙට ගෙනාපු හයිය, මට ලැබිච්ච ධෛර්‍ය මෙච්චරයි කියන්න බෑ.. ඒ දේවල් වලිනං මං කොච්චරක් එයාලගේ බලාපොරොත්තු ඉටුකරාදැං මං දන්නේ නෑ.. ඒත් එයාල මං වෙනුවෙන් විදපු දුක් කප්පරම මට පේන්න ගත්තේ මං අවුරුදුගානකට පස්සේ ගෙදර ඉදං වැඩට යන්න ගත්තට පස්සේ... ඒත් අවාසනාවටද මංද අදත් එයාලාත් එක්කම එකට ඉදං ඒ උස්සන බරට අත් උදව්වක් දෙන්න මං ගෙදර නෑ.....

මං දන්නවා නැන්දේ....!!

ඒ වචනවල මගේ කඩහඩ තිබ්බද කියන එක මටම පුදුමයි... ඒත් මගේ කටින් එහෙම පිටවුනා.. නැන්දගේ ඇස්වල දිලිදෙන කදුළු බිංදුව මං නොදැක්ක නෙවෙයි.. ඒත් නොදැක්ක වගේ හිටියේ ඒ කදුල ඇහේම බොද වෙන්න ඇරල..

කෙල්ල ගොඩ යනවා නැන්දේ... ඒ ගැන ආයෙ අමුතුවෙන් හිතන්න ඕනි නෑ.. බය වෙන්න ඕනි නෑ..

නැන්ද ඔළුව වනල උත්තර දුන්නේ ඒ වෙලාවෙ වචනයක් ගැට ගහන්න ඒ හිතට හයියක් නොත්බ්බ හින්ද.. මගේ අම්මලත් මං වෙනුවෙං මේ වගේ කොච්චරක් කදුලු හෙලන්න ඇද්ද??? ඒ ගැන හිතිල මගේ හිතටත් එකපාරටම මහා බරක් දැනෙන්න ගත්ත...

වෙලාවත් හරි හින්ද බුදුං වැදල නැන්දටත් වැදල නැන්ද දුන්න පඩුරු ටිකත් බෑග් එකට දාගෙන කොටුව ඉස්ටේසමට ගියා.. ස්ටේෂන් එකට ඇතුල් වෙනකොටම ගෙදරින් කෝල් එක...

පුතේ කෝච්චියට නැග්ගද??? සීට් එක හොයා ගත්තද?? ඇයි ඊයෙ ඇවිල්ල කෝල් කලේ නැත්තේ.. 

ප්‍රශ්ණ ගොඩායි.. හිතේ ඒ වෙද්දි තිබ්බ දේවලුත් එක්ක මට මහා දුකක් දැනුනා.. රෑ ගෙදරට කථා කරන්න බැරි උනා කියල මතක් උනේ එතකොට... දැං ඉතිං කථාවට කියන්නා වගේ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බෑනේ..

ඊයෙ හවස හයට විතර ආව අම්මේ.. අවුලක් නෑ.. දැං ස්ටේෂන් එකට ආව විතරයි..

උදේට කෑවද පුතේ..? කොච්චියේ ෆුට් බෝඩ් එහෙම යනව නෙවෙයි අනුරාධපුරේ යද්දි වගේ... 

අම්මෙක් දරුවො ගැන කොච්චරක් හිතනවද.. පුංචි පුංචි දේවල් ගැන කොච්චර වද වෙනවද.. අපිත් කවදාහරි දවසක දෙමව්පියො වෙච්චි දාට විතරයි මේවා හරියටම තේරෙනවා ඇත්තේ.. අපි අපේම සහෝදරයෙක්ගෙ හුගාක් හුරතල් පොඩි එකෙක් වඩා ගත්තාමත් ඒ තවත් එක පොඩි එකෙක් විදිහටනේ පේ‍න්නේ.. ඒත් අපි පුංචි කාලේ අපේ අම්මල තාත්තලා අපිව වඩාගෙන ගත්තු පොටෝවල එයාලගේ මූණ වලින් මේ මගේම පුංචි කොල්ල/ කෙල්ල කියල ලෝකෙටම කියනවා වගේ තියෙනවා නේද??

නෑ අම්මේ.. නුවර යද්දි කොච්චියෙං කනවා.. නැත්තං නුවරට ගිහිංම කනවා.. 

අනේ පුතේ ස්ටේෂන් එකෙන්වත් කෑම ටිකක් කාල යන්න.. බඩගින්නේ යන්නේ නැතුව.. පුතේ එද්දි කීය විතර වෙයිද?? තාත්තයි මායි පාරට ‍එනවා.. ඒක හින්ද වේලස්සන කියන්න කීය විතර වෙයිද කියල...

අවුරුදු විසි ගාණක් වෙලත් එයාලට තාම මාව පුංචියි.. ඒක හින්ද තාමත් පොඩ්ඩක් හරි ගෙදර එන්න රෑ වුනොත් තාත්ත අනිවාර්යෙන්ම මාව එක්ක යන්න පාර ගාවට එනවා.. ඒ මට යන්න රෑ‍ට තනියම යන්න බැරි කමකට නෙවෙයි.. ඒකාලේ මම කලේ ගෙවල් කිට්ටුකරල බස් එකට නැග්ගයි කියනවා.. එතකොට එයාල ගෙදරින් පිටවෙන්න හදද්දි මං ගෙදර ගාව... එහෙම කරල අනනන්තවත් බැනුම් අහල තියෙනවා.. ඒක හින්ද දැං එයාල වෙලාවට ගොඩාක් කලින්ම පාරට එනවා.. එයාලව මං හින්ද රස්තියාදුකරවන්න තියෙන බලවත් අකමැත්තයි, එයාල එයාලට මාත් එක්ක ළං වෙන්න බැරි වෙච්චකාලේ ආයෙත් අල්ලන්න තියෙන මේ වෙලාව එයාලට ලබා දෙන්න ඕනි කියල මටම හිතෙන හින්ද දැං වෙලා ව හරියටම කියනවා....

වෙලාව නං හරියටම කියන්න බෑ... අම්මලා නැන්දලගේ ගෙදර ඉන්න.. මං එහෙට්ට එන්නං... කොහොමත් මං ආපසු එද්දි එක පහුවෙයි.. අම්මෙ කොච්චිය අදිනවා.. මං තියෙනවා... බුදුසරණයි..!!

බුදුසරණයි පුතේ!! පරිස්සමින් ගිහිල්ල වැදගෙන එන්න‍.. ආ පුතේ නුවර ගිහින් නිලන්ත අයියට කථා කරන්න.. ඔයාට පොඩි මාමලාගේ ගෙදරත් ගිහින් එන්න පුළුවං වෙයි.. තව පුතේ වෙලාව තිබ්බොත් නාථ දේවාලේ වැල් බෝධියටත් ගිහිල්ල වැදල එන්න.. එද්දි කෝල් කරන්න මතක ඇතුව..

කෝච්චියේ මගේ ආසනේට අනෙක් පැත්තේ තවත් පවුලක් නුවර යන්න... අම්මයි තාත්තයි දරුවො හතරයි... පිරිමි දරුවො දෙන්නයි.. ගෑණු දරුවො දෙන්නයි.. තාත්ත යන ගමන් දරු‍වන්ට දෙමටගොඩ පහුවෙද්දි සේදවත්ත හරියෙදි මිනිස්සු ජීවත් වෙන්නේ මෙන්න මෙහෙමයි කියල පෙන්නල දෙනවා.. ඒ දිහා පොඩ්ඩක් වෙලා බල ඉදල පස්සේ ජනෙල්ලෙං අහක බලා‍ගත්තේ එයාලගෙ පාඩුවෙ එයාලට යන්න දීලා..
මං කොළඹ එන්න කලින් මගේ යාළුවෙක්ගෙං ඇහැව්ව කොළඹ ඉදං නුවරට කොච්චියෙං යන්න කොච්චර විතර වෙලා යනවද කියල.. පොර එකපාරටම කිව්ව පැය හතර හමාරක් පහක යනව කියලා.. එහෙං පොඩ්ඩක් හරි ඇවිදින්නත් ඕනි හින්ද උදේ හතේ කෝච්චියෙ තමයි ටිකට් වෙන් කරගත්තේ... ආපසු එන්න නුවරින් පහයි තිහ.. අඩු ගානේ නුවර පැය දෙක තුනක් වත් ඉන්න එපැයි..

මීරිගම හරියට එද්දි රෑ ගන්න බැරි වෙච්ච නින්ද ආපසු ගන්න හිතුවා.. පැය පහක් විතර තියෙනවානේ.. අනික දැං රැවුල කපන්න කව්රුත් නෑනේ... 

හීනියට ජනේල දාරෙට ඔළුව තියං නිදා ගත්ත.. මගද එකපාරක් ටිකට් පරීක්ෂක මහත්තයට ටිකට් එක පෙන්නන්න නැගිට්ට.. ආයෙත් නිදි..

එක පාරට කොච්චිය ගැස්සෙනවත් එක්කම ඇහැරුණා.. දැකල පුරුදු ස්ටේෂන් එකක් වගේ.. නිදිමත හින්ද ඇස් දෙකත් පොඩිකරල ආයෙත් බලං ඉන්දැද්දි සරසවි උයණ ස්ටේෂන් එකත් පහුවුනා.. වෙලාව බැලුවා නවයයි තිහයි.. දෙයියෝ සාක්කි... පැය දෙකහමාරයි!

නවයයි හතලිස් පහවෙද්දි නුවර!

දැං නං අමුම අමු ක‍ට්ටක් කන්න වෙයි කියල ඉවෙන් වගේ තේරුණා.. නිලන්ත අයියට කථා කර.. පොර ඇවිත් පේරා ස්ටේෂන් එකේ මං එනකං ඉදල ගෙදර ගිහින්.. 

ඕනි දෙයක් කියල මගේ ගජේ ගහන සීවලී අයියට කථා කරා..

මචෝ මං ඕ.බී. මීටං එකේ දැං කටුගස්තොට.. මොකද කරන්නේ???

දෙවනි උත්සාහයත් සාර්ථකයි... තමන් හිසට තම අතමය සෙවනැල්ල.. ෆොන් එකේන්ම මැප් ‍එක දාගෙ‍න මාලිගාවට යන පාර හොයාගත්ත.. හැරෙන්න තියෙන තැං ටික බලා ගත්ත... මගේ (අ)වාසනාවට ෆොන් එකේ බැටරි වැඩි වෙලා තියෙන්නේ නෑ.. නෙට් ලොග් උනොත් බලං ඉන්දැද්දි බහිනවා.. ගෙදර යන කං තියෙන්නත් ඕනි හින්ද ඇක්සස් පොයින්ට් එකත් ඩිලීට් කරල පයින්ම යන්න ගත්ත....
 ‍
ෆුඩ් සිටිය ගාවින් වැව අයිනට ගොඩ උනා.. දැං ඉතිං හවස පහ වෙනකං ඕනි තරං වෙලා තියෙනවා නේ ඇවිදින්න කියල මුලින්ම ආපු වැඩේට කියල මාලිගාව පැත්තට ගියා....

ෆොන් එකත් ඕෆ් කරල සෙරෙප්පු දෙකත් අයිනක ගලෝල මාලිගාවට ඇතුල් උනා.. 



එදා ඉරිදා දවසක්.. සෙනග මාලිගාව පිරිල ඉතිරිලා යන්න.. පොඩි දරුවො වඩාගත්තු උදවිය, අළුත බැදපු අය.. බදින්න ඉන්න අය.. තරුණ කොල්ලෝ කෙල්ලො.. පුංචි දරුවොත් අරං ආපු දෙමව්පියො.. පරම්පරා ගානක දරු මුණුපුරෝ දැකපු අත්තම්මලා සීයාල.. වගේම විදේශිකයොත්!

ඔය මහ සෙනග කන්දරාව අතර මාත් පැය ගාණක් පෝලිමේ ඉදං උඩ මාළයට යා ගත්ත.. යනවත් එක්කම පොඩි ඉඩක් තියෙන තැනක් දැකල ඉක්මනට වාඩි වෙලා හොදට බුදුන් වැද ගත්ත... දකින එකාල මොනා කිව්වත් කමක් නෑ.. මගේ ආගම අදහන්න මට ඕනි තැනක ලැජ්ජ වෙන්න ඕනි නෑ.. අනික මේ වගේ පූජනීය ස්ථානයකට ඇවිල්ල මල් ආසනේ විතරක් අතගහල යනවා කියන්නේ අමුම අමු ගොං වැඩක් !

මාළිගාව වැද පුදාගෙන අම්ම කිව්ව වගේ නාථ දේවාලෙත් වැදල, වැල් බෝධියත් වන්දනා මාන කරල ආයෙමත් වැව රවුමට ආව... 

දැං වෙලාව දොලහයි කාලට විතර ඇති.. තව පැය පහයි.. මගේ හිත කිව්ව..

හෙමින් සැරේ නුවර නගරේට ආව... පාරක් පාරක් ගානේ.. සටි සෙන්ටර් එකේ තට්ටුවක් තට්ටුවක් ගානේ.. අළුතිං හදාපු පාර්කිං ලොට් එක පැත්තේ ඔක්කෝම ඇවිද්ද වෙලාව යන පාටක් නෑ පේන්න..

තව එක දෙයක් ඉතුරුවෙලා තිබ්බ.. වැව වගේ යන්න... කිව්වට පිළිගනීද දන්නේ නෑ පැය බාගෙන් මං වැව වගේම ගිහිං ආව.. පුළුවං තැන්වල උපරිම හෙමින් ගිහිල්ලත්...

ආයෙමත් ටවුමට එද්දි එකයි... ෆෝන් එකෙත් බැට්රි ලෝ... කරන්න දෙයක් නැති තැන රිංගුවා කැෆේ එකකට.. අධීවේගී ඉන්ටර්නෙට්.!!! පේජ් දෙකක් ඕපන් කරද්දිම මැෂින් එකත් ස්ටක් වෙනවා... වෙලාව කන්න වෙන තැනක් නැති හින්දම එතන ඉන්න කොට මැෂින් එකේ පවර් දීල තිබ්බ මල්ටි ප්ලග් එකේ එක ප්ලග් පොයින්ට් එකක් හිස්!!! තව මොන කථාද... ෂේප් එකේ ෆෝන් එක චාර්ජ් වෙන්න දාල බ්ලොග් දෙකතුනකුත් කියෙන පටන් ගත්ත.... විනාඩි හතලිස් පහක් යද්දි ෆෝන් එකත් චාජ් උනා... මූණු පොතේ ස්ටේටස් දෙකතුනකුත් අප්ඩේට්කලා... තවත් එතන ඉන්න එක තේරුමක් නැති හින්ද එලියට බැස්ස.. දැං නං බඩගින්නකුත් එනවා ලාවට වගේ...

හිතාගත්ත අනිවා පැය බාගයක් කනව කියල.. කැෆේ එක ඉස්සරහම තිබ්බ කඩේට ගොඩවෙලා බිත්තර රයිස් එකක් ඉල්ලුවා... මං දැං ගනන් හැදුවා... රයිස් එක දාන්න විනාඩි පහක් විතර යයිනේ පස්සේ නිවෙනකං තව විනාඩි පහක් විතර අදන්න පුළුවං.. එතකොට කන්න තව විනාඩි පහක් විතර ඇදල බීම එකකුත් බිව්වොත් විනාඩි තිහ ෂේප්..

හිතෙන් ගාන හදල ඉවර වෙද්දිම ‍තම්බපු බිත්තරයක් තියපු රයිස් එකක් මේසේ උඩ!!! කනට ගැහැව්ව වගේ... එතන වෙන වෙනම රයිස් දාන්නේ නෑ.. ‍රයිස් එක වෙනම කලින් හදල.. ‍චිකනුයි බිත්තරයි වෙනම තියෙනවා... ඉල්ලුව ගමන් ඕනි දේ දාල දෙනවා.. දැං හිතුවා කමක් නෑ මුල් විනාඩි පහනේ අඩුවුනේ.. නිවෙන්න තියල ෂේප් එකේ ගේම අදිනවා කියල....

පළවෙනි බත්කට අනන්දි හීනියට දාඩිය දාන්න පටන් ගත්ත.. බත් එක නිවිලා.. ඒකෙ හරියටම මගේ සාමාන්‍යයට බැලුවොත් බත් කටවල් පහයි! ඕකෙ අතගාන්න දෙයක් නෑනේ කියලා ඇදල ඇරිය... අන්තිම කට කන කොටම වේටර් කොලුවෙක් තවත් බත් ඕනිද කියල ඇහැව්ව... එපැයි කියන්නද?? ඉක්මනට පිගාන දික්කලා.. දෙවනි පාර ඊටත් පොඩ්ඩක් අඩුවෙන්... බීම ඕනිත් නෑ කියලා කෑම එකේ සල්ලි ගෙවල එලියට බැස්ස...

වෙලාව දෙකට කිට්ටුයි දැං.. තව පැය තුනයි.. ආයෙමත් ගුඩ්ෂෙඩ් පැත්තට එද්දි පොලිසිය ගාවින් උඩු පැත්තට තිබ්බ පේරාදෙණි පාරෙ පොඩ්ඩක් ඇවිදල බලන්න හිතුනා.. ගාර්ඩන් එකට තනියෙං ගිහිල්ල වැඩක් නැති හින්ද ඒ අදහස අත හැරියා.. ඔහොම පොඩ්ඩක් දුර යද්දි පුෂ්පදානේ හරියෙදි දැක්ක චිත්‍රපටියක දැන්වීමක්..
"සිහිනය දිගේ එන්න" පුද්ගලිකව මං සිංහල චිත්‍රපට අඩුවෙන්ම බලන කෙනෙක්.. වෙම්බ්ලි ‍කියල හොල් එකක්.. නුවර පැත්තේ එරීනා (කටුගස්තොට),  වගේ නම් අහල තිබ්බට මේක ඇහිච්ච එකකුත් නෙවෙයි.. දෙකයි තිහ ෂෝ එකක් තිබ්බ.. අඩු ගානේ පොඩි ඇලට් එකක් වත් දාන්න පුළුවං වෙයිකියලා රාජකාරියේ නිරත වෙලා හිටි පොලිස්සියේ මහත්තයෙක්ගෙං පාරත් අහගෙන යන්න පිටත් උනා.. යනකොටම දැකල පුරුදු බයික් එකක්... ඔය වගේ බයික් එකක් අපේ එකෙකුටත් තිබ්බ වගේ මතකයි.. ගත්ත කෝල් එකක්... හරි.. පරා තමයි.. ගිහිල්ල පරාත් එක්කත් කථා කරල ආපහු ගියා හෝල් එකට.. යද්දි ටිකක් විතර පෝලිම.. බලන්න ලස්සනේ බෑ.. පන්ති යනව වගේ ළමයි දෙන්න දෙන්න අත් අල්ලගෙන පෝලිමේ... හැබැයි ගැහැණු - පිරිමි.. මේක බොක්ස් වලින් රන් වෙන හෝල් එකක් වගේ හිතුනා.. ඒ මොනව උනත් රු 100 ඕඩීසී ටිකට් එකකුත් ගත්ත. ඇතුල් වෙද්දිම මට හොල්මන් මන්දිරේකට ඇතුල් වෙනවා වගෙයි දැනුනේ.. මහා ගරා වැටිච්ච පරණ තාලේ පොට් එකක්.. තිරේ මැද්දෙං අඩි තුන්කාලක විතර ඉරිලා.. බොක්ස් විසි හතරම ෆුල් කියල මට කලිං හිටි එකා ටිකට් ගන්න කොට ඇහුන මතක හින්ද ඒ ‍පැත්ත හැරිල බැළුවා.. ඒවා නං ළගකදි අළුත් වැඩියා කරපු බවක් පෙන්න තිබ්බා... ඕඩිසී එකෙත් අයින් වල දෙන්න දෙන්න එකෙක් වෙන්න හදන්න පටන් අරං ඒ වෙද්දිත්... මං ඉතිං ඔය කාටවත් කරදර කරන්නේ මොකටද කියල හිතල යන තැනම අයිනේ පුටුවෙං වාඩි උනා.. වෙලාව ළං උ‍නොත් යන්න ‍ලේසි වෙන්නත් ඕනිනේ.. ෆිල්ම් එක ගැන නං කථා කරන්නේ නෑ.. ‍ලස්සන හරයක්, සාමාන්‍යයෙන් පැසැසිය යුතු සංගීත අධ්‍යක්ෂණයක්.. හැබැයි අනිත්වා නං කුජීතයි.. සංගීතයයි, ආදරයයි ඔය අස්සේ දේසපාලනෙයි ජාතිවාදයකුයි පටලෝගත්තු මළ ජරාවක්...
හැබැයි ඒකෙන් මට ඕනි දේ නං උනා.. වෙලාව කන එක.. හතරයි හතලිස් පහට මම එළියේ..


ඕන්න හෝල් එකේ ඇතුල.. කොයි වෙලේ සිවිලිම ඔළුවට පත් වෙයිද කියල පණ බයේ හිටියේ ...

ෆේප් එකේ ‍ස්ටේෂන් එක‍ට ආවා.. එද්දි කොච්චිය ඇවිත්. ආපසු එද්දි නැරඹුම් මැදරිය.. මේ ‍රෑ මොනව නරඹන්නද??? සීට් එකත් හොදටම පාත් කරගෙන කොටුවට එනකංම නින්දයි නොනින්දයි අ‍තරේ කොළඹට ආව.. අටයි කාල වෙද්දි කොටුවෙ... හෙමින් සැරේ නැන්දලාගේ ගෙදරට ගිහින් පොඩි වොෂ් එකක් දාගන පොඩි එකීට පිරිත් නූලකුත් දීල, රෑටත් කාල රෑ දහයෙ බස් එකෙන් ගෙදර එන්න පිටත් උනා.. පුදුම ගේමක් දීලා අම්මයි තාත්තයි නැන්දලාගේ ගෙදරින් එලියට බහිද්දිම එතනට යා ගන්න පුළුවං උනා.. වෙලාව උදේ එකයි හතලිහයි....

අදට ඇති.
අගෝස්තු 12 වැනි ඉරිදා, 2012
-රස්තියාදුකාරයා-