අතහිත

Tuesday, May 8, 2012

ගැහැනු හිත....

අද රස්තියාදුකාරයා කියන්න යන්නේ අමුතුම කථාවක්.. කථාවක් කිව්වට මේක සත්‍ය සිදුවීමක්.. 

පුද්ගල අනන්‍යතාවය වසන් කරනු වස් ව්‍යාජ නම් වලින් අදාල චරිත නම් කෙරුණ බව කරුණාවෙන් සළකන්න...
**********************

"ආ.. හංසි.. කෙල්ලේ ‍කොහොමද.."

"ම්ම්ම්...... ඉහ්.. "

"මොකද බන් උඹට වෙලා තියෙන්නේ?? උඹ අඩනවා නේද?"

"ම්හු.... නෑ..."

"ඇයි බන් මේ.. මොකෝ එක්සෑම් එක හින්දද???"

"එව්ව ගැන කථාකරල වැඩක් නෑ අනේ.."

"ඒ කියන්නේ කෙල්ල ගොඩගිහින් වගේ.. එල එල... හා.. දැන් කියහං උඹ ඇයි අඩන්නේ කියල..?"

"මං කෝමද මේක කියන්නේ... අනේ මට තේරෙන්නේ නෑ ... මම ආයෙත් අමල් එක්ක කවමකවදාකවත් කථාකරන්නේ නෑ..

"මොකක්!!!!!!!, අනේ බන් පිස්සු කියවන්නේ නැතුව හිටපන්.. උඹ ඔයදේ මට මීට කලින් කීපාරක් කියල තියෙනවාද.."

"නෑ.. නෑ.. මේ පාර නම් ඇත්තටම තමයි අනේ.. ඇයි කව්රුවත් මාව තේරුම් ගන්නේ නැත්තේ..."

"පිස්සී.. මොකක්ද බන් උනේ..?"

"මම මොකටද වෙන අය හින්ද විදවන්නේ..? නේ?"

"අර වෙන අය කථාව මොකක්ද??? මට ඒ ටික තේරුණේ නෑ..."

"මම ආයෙත් අමල් එක්ක කිසිම ගනුදෙනුවක් තියාගන්නේ නෑ.. එච්චරයි.. "

"හරි.. දැන් මොකක්ද උනේ කියපංකො අඩන්නේ නැතුව..."

"මොකුත් නෑ... පහුගිය ගොඩාක් දේවල් ගැන හිතලයි මම‍ මේ තීරණය ගත්තේ .. ආයේ ඒ තීරණය මොනම හේතුවකින්වත් වෙනස් කරන්නේ නෑ.. නෑ.. නෑ.... නෑමයි..."

"එපා.. මොකටද වෙනස් කරන්නේ... හි හි හි.. අද මොකක්ද උනේ.."

"මොකුත් නෑ.. මොකුත් උනේ නෑ"

"පල.. පල.. කීයටවත් වෙන්‍න බෑ.. අපිට බෝලෙ බස්සන්නේ නැතුව හිටපන් හරි.. මම ඊයෙ කියපු දේ මතක නැති උඹ පරණ දේවල් නිසා වැඩ කරන තාලේ නෙවෙයි කියල මම දන්න‍වා.. දැන් කියපන් ඇත්ත.. අද මොකක්ද උඹල දෙන්න අතර උනේ...??"

"ඔයා අමල්ව දන්නව නේ.."

"මොකෝ මං ඌව නොදන්නේ.. දැකල නැති එක විතරයි අවුල.. ඒත් නොදැක්කට මට හිතාගන්න පුළුවන් ඌ කොයි වගේද කියල..."

"හිහ්.. හිහ්.. නෑ අනේ මේකයි උනේ.. දැන් එයා මාත් එක්ක වැඩිය කථාකරන්නේ නෑ.. එයා දැන් කථාකරන්නේ නිශා එක්ක විතරයි.. "

"ඉතිං... ?"

"ඉතිං කියන්නේ අනේ.. එයා ඉස්සර මගේ හොදම යාළුව.. "

"අයියෝ දරුවෝ.. අමල් කියන හාදයාගේ කෑල්ල නේද ඔය නිශා කියන්නේ..?? හා.. ඉතින් බන් ඌ නිශා ‍එක්ක කථා කරන්නෙ නැතුව උඹත් එක්ක කථා කරකර ඉදීද??? ආ බන්... උඹත් හරියට කියන්නේ බැදපු ගෑනි ඉන්න කොට වෙන ගෑනුත් එක්ක නිදියන්න කියන්න ව‍ගේ කථානේ..."

"නෑ නෑ.. මම එහෙම දෙයක් නෙවෙයි කියන්නේ.. ඇයි කෙනෙකුට වෙන කෙනෙක් එක්ක (අ)ෆෙයා එකක් පටන් ගත්ත ගමන් අනිත් අයත් එක්ක තිබ්බ සම්බන්ධකම් නවත්තන්නේ... !"

"නවත්තන්න... ඇයි බන් උඹ ඊයෙ රෑත් ඌත් එක්ක ස්කයිප් එකේ චැට් කලා කිව්ව නේද?? "

"ඒ ඉතිං එදා කරපු ප්‍රැක්ටිකල් එක ම‍ට තේරුණේ නෑ.. ඒක අහගන්නයි කථා කලේ.."

"SO... What else you want from him huh..?? What else?"

"ඔය ඉතිං ඔයත් මං ගැන තේරුම් ගන්නේ නෑනේ.. මම තමයි එයාට හිටිය හොදම යාළුවා.. එයා තමයි මට ඉදපු හොදම යාළුවා.. දැන් එයාට කොහේවත් හිටපු නැති නිශාව ලොකුවෙලා ඔක්කොටෝම වඩා..."

"ඉතිං දැං උඹ කියන්නේ ඌ උගේ කෑල්ල එක්ක කථාකරන්‍ නැතුව ඒකි ඉන්න තැන් වලත් ඇවිත් උඹත් එක්ක කථාකර කර ඉන්න කියලද?? මට කියන්න තියෙන්නේ අර මම කලින් කිව්ව දේම තමයි.. උඹ ‍කිව්වොත් කියන්නේ ඔය වගේ හතරබීරි කථාවක්මයි... උඹට නම් *කේ ඉදන් පිස්සු බන්... "

"ම්.ඉහ්..ඉහ්.. ඇයි අනේ ඔයා ඔහොම කියන්නේ.. ඇයි දෙන්නෙක් යාළුවුනාට පස්සේ එයාලයේ පරන යාළුවො අමතක කරන්නේ???"

"ඌ උඹව අමතක කලානම් ඇයි ඊයෙ කථා කලේ??? හරි මට මේදේ කියපං බලන්න.. උඹේ (අ)‍ෆෙයා එක තිබ්බ කාලේ අයිය කැමති උනේ නෑනේද උඹ වෙන කොල්ලො එක්ක කථා කරනවට.. ඇයි උඹත් ඌට වාරණ දාල තිබ්බේ වෙන කෙල්ලො එක්ක චැට් කරන්න එපා.. අරකද මෙකද කියලා.. හා මං වැරදිද??"

"ඒ එයාට තිබ්බ ආදරේ හින්දනේ.."

"හරි එහෙනම් මට මේක කියපං.. උඹ අමල් ගැන හෝප්ස් තියාගෙන හිටියද??? මට පේන විදිහට මේකිත් ඌට ලයින් පාර දාල වගේ.."

"නෑ අනේ.. පිස්සුද.. මට කවදාවත් අමල් ගැන එහෙම හිතිලා නෑ.. ඇයි මම ඔයාට කිව්වේ නැද්ද?"

"ඔව් ඉතින් උඹ මාත් කථා කලොත් කියවන්නේම අද අමල් මෙහෙම කිව්වා.. මෙහෙම කලා... අරකද ‍මේකද නේ.. ඒවා ඇ‍හෙද්දි අපිට උනත් එහෙම හිතෙනවා.."

"නෑ අනේ.."

"එහෙනම්...??"

"ඇයි අනේ, මමමයි එයාට නිශාව සෙට්කලෙත්.. ඔයා නිශාව දන්නවනේ... අර කොන්ඩෙ දිග ගර්ල්.. එයා එයාගේ (අ)‍ෆෙයා එක බ්රේක් උනාට පස්සේ වෙන එයාගේ මොලේ හදල අමල්ට සේට්කලෙත්.. "

"හා.. මට දැන් තේරුණා මොකද්ද කේස් එක කියල.. හිහ් හිහ්...."

"හා මොකද්ද???"

"කෙල්ලේ ඕකට තමයි ඉරිසියාව කියන්නේ.... ඉස්සර අමල් උඹත් එක්කමයි .. දැන් නිශා එක්ක.. ඒකනෙ අවුල... උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න දරුවො.. ඔයා තව දෙන්නෙක් අතරට යන එක හොද නෑ නේද?? ආ... ? අපි යන්නේ නෑ නේද අල්ලපු ගෙදර අයගේ ගෙදර ප්‍රශ්ණවලට ඔළුව දාන්න, ඒ අය කොච්චර අදුරගත්තත්.. නේ..?? ඒ වගේ තමයි මෙතනත්.. ඒ දෙන්න දැන් එකට ඉන්නේ.. අමල්ට දැන් කොහොමත් ඔයාට ලංවෙලා ඉන්න බෑනේ නිශා ඉන්න කො‍ට.. ඒක හරි නෑ නේද?? දැට්ස් වට් කෝල් රියැලිටි මයි ඩියර්.. අපිට බෑ සමහර දේවල් වෙනස් කරන්න.. ඒත් අපිට පුළුවන් වෙනස් වෙන්න... "

"මං කාටවත් ඉරිසියා කලේ නෑ අනේ..."

"එහෙනම් මොකක්ද කලේ??"

"අනේ මං දන්නේ නෑ.."

"හා.. දැං හොද ළමය වගේ ඔය කදුලු පිහදාගෙන ගිහිල්ල කෑම කන්න.. කාල පාඩම් කරල නිදාගන්න... ඔය විකාර හිතන්නේ නැතුව.. හරි??"

"හුම්.. "

පලි. මේක ඇත්ත සිදුවීමක්.. ටිකක් හිතල බලන්න තමනුත් මේවගේද කියල.. අපි කවුරුත් තාම රහත්වෙලා නෑ.. මේ වගේ ඉරිසියාව වෛරක්‍රෝධ නැති කරන්න.. ඒත් අපි පුළුවන් විදිහට බලන්න ඕනි ඒවා අඩුමට්ටමේම තියාගන්න... එහෙම නේද...?

පපලි. පහුගිය සති කීපය රස්තියාදුකාරයාට බොහොම කණගාටුදායක වගේම හදවතින්ම සන්තෝස වෙච්ච කාලයක් උනා.. පහුගියදා රස්තියාදුකාරයාගේ ආදරණීය ලොකුතාත්ත මේ ලෝකෙ අපි අතරින් වෙන් වෙලා ගියා.... අවසන් මොහොතට ටිකකට කලිනුත් රස්තියාදුකාරයත් එක්ක හොදට කථාබහ කරල ඊ‍ට පැයකට විතර පස්සේ අන්තරා උනා කියල පණිවිඩේ එද්දි රස්තියාදුකාරයාට දරාගන්න බැරිඋනා. ඒත් ඒ තමයි ලෝක ස්වභාවය.. රස්තියාදුකාරයා පුළුවන් උපරිමයෙන් ලොකුතාත්තගෙ අවසන් කටයුතු වෙනුවෙන් මහන්සි වුනා.. ඒ ‍ටිකේ ගොඩාක් අතපසු වෙච්ච වැඩ දැන් ගොඩ ගැහිලා.. ඒවත් දැන් කරල ඉවර කරන්න වෙනවා.. නැත්තං ඉතිං සොරි වෙනවා.. ඒවා මොනව උනත් ලොකුතාත්තට නිවන් සුව ලැබෙන්න කියල රස්තියාදුකාරය ප්‍රාර්ථනා කරනවා..
 
අනිත් කාරනය තමයි රස්තියාදුකාරයාගේ අතිජාත මිත්‍රයෙක්ගේ විවාහ මංගල්ලෙත් තිබුනා පහුගිය දවසක.. මිත්‍රයනම් ඉදල හිටල මේ පැත්තෙත් එනවා.. ඒ දෙපලටත් රස්තියාදුකාරය ඉතසිතින් සුභපතනවා සුභම සුභ, ආදරයෙන් පිරි, සාමය සපිරි විවාහ දිවියක් වේවා කියලා... ‍ජයෙන් ‍‍ජය වේවා සොයුර..
Post a Comment