අතහිත

Tuesday, May 29, 2012

ඩිනර් එක...

ටික දවසකින් මොකුත්ම ලියන්න උනේ නෑ.. අඩු තරමින් කියෙව්ව පොස්ටු ටිකත් කියෙව්වේ උඩින් පල්ලෙන්.. ආයෙත් ලිපියක් ලියන්නයි කියල හිතල ලැප දාගෙන ඉන්න කොටම කොහෙන් හරි වැඩක් සෙට් වෙනවා.. ඒ ‍වැඩ ඉවර කරල එද්දි ආයෙත් ලියන්න වාඩිවෙන්න තරම් ෆිට් එකක්වත් මූඩ් එකක් වත් හිටින්නේ නෑ.. කොහොම හරි මේ පාර නම් ලියනවාමයි කියලා බලද්දි මේ විදියටම බාගෙට ලියලා ඩ්‍රාෆ්ට් වෙච්ච ගොඩාක් තියෙනවා.. මේකටත් එහෙම නොවේවා කියලා හිතනවා.. වාසනාවට මගේ ගජේ ගහන සීවලී සහෝදරයයි, දිලූෂ සහෝදරයයි හින්ද තමයි මේක ලියැවුනොත් ලියැවෙන්නේ.. උං දෙන්න නැතිඋනොත් ඉතිං මට උයන්න වෙනවනේ.. උයල කරල ඉවර වෙද්දි කට්ටිය සෙට් වෙනවා කැරම් ගරන්නයි, පෝටර් ගහන්නයි.. ඔය අතරේ කවුරු හරි කොටයක්වත් උස්සං ආවොත් එහෙම ඉතිං නිදාගෙනත් ඉවරයි..!!!

ආ මේ ලිපියෙදි තවත් කීපදෙනෙකු‍ට ස්තූති කරන එක මගේ යුතුකමක් කියල හිතනවා.. ජයන්ත සහෝදරය, මංජුල සහෝදරය, අනුර අයිය, මදූ අයිය, කනී, නිලංග, මහේෂ් සහෝදරය වගේම ම‍ගේ ක්වාර්ටස් එකේ හැමෝටම ස්තූති කරන්න ඕනි.. තව නං විදිහට කියන්න බැරි වෙච්ච හැමෝටමත් ස්තූතියි.. කකුල කැපිල ඇවිදගන්න බැරුව ඉන්න වෙලාවේ උඹල සෙට් එක කරපු උදව් කවදාවත් අමතක වෙන්නේ නෑ.. 

හෆොයි.. මේක ලියද්දිම අපූරු සිද්ධියක් වුනා.. මේ ගැන නං නෙවෙයි ලියන්න හිටියෙ.. ඒක පස්සේ වෙලාවක දාන්නං.. මේක ඊ‍ට වඩා ලොකු සිද්ධියක් හින්ද ලියල දානවා...

කලින් කිව්ව වගේ මගේ ගජේ සෙට් එක අද ටිකක් වේලස්සන උයල හත හමාරට විතර කථාකලා කන්න.. අපේ අනිත් සෙට් එක අපේ ක්වාර්ටස් එකේම තවත් සාමාජිකයෙක්ගේ අවමගුලකට ගිහින් ඒ වෙද්දි ඇවිත් හිටියෙ නෑ.. මටත් කොහොමත් මේක කොට කොටා හිටි හින්ද කන්න අයිඩියා තිබ්‍‍බෙත් නෑ.. මං කිව්ව මං අනිත් උන්ටිකත් ආවාමම කන්නං.. ඔයාල කන්න කියලා... කොහොම හරි කට්ටිය ආව අටහමාරට විතර.. මටත් දැං ටිකක් විතර සාගින්න දැනෙන්න පටන් අරන්.. ආපු එකෙකුටත් කිව්ව උයන්න ඕනි නෑ මචං.. අපේ කෑම තියෙනවා.. වරෙන් ෂේප් එකක් දාගෙන කමු කියල.. කොහොම හරි දෙන්නත් එක්ක කුස්සියට ගිහින් බැලුවා.. මගුලයි.!! මැර ප්‍රහාරයක් එල්ල වෙලා.. රයිස් කුකර් එක හිස්.. සන්තෝසෙ උපරිමයි..

පොඩ්ඩක් හොයල බැලුව මොකක්ද වෙලා තියෙන්නේ.. අපේම එකෙකුට බඩගිනි වෙලා.. පොරත් පොඩ්ඩක් ලයින් කරල ඉදල තියෙන්නේ ඒවෙලාවේ.. කිචන් එකේ කෑමත් තියෙනවා.. හිතල තියෙන්නේ අපේ කස්ටිය කාල කියලා.. බෙදාගෙන දෙසාබාලා.. (මේක සාමාන්‍ය දෙයක්.. අපි ඉව්වාම කාගෙද කියල බලන්නේ නෑ.. [බලන්න ඕනි නෑ කාගෙද කියල හොයා ගත්තෑකි] කන්න එපා කියන්නෙත් නෑ.. තියෙන්නේ කන්න තමයි.. අනිත් කාරනේ අපේ සෙට් එකේ දහ අටක් ඉන්නවා.. එකෙන් කට්ටි කට්ටි සෙට්වෙලා උයන්නේ.. මායි, සීවලී අයියයි, දිල්ලයි වගේ.. අපි තුන් දෙනෙකුට ඉව්වත් දහ අටම ඒක කනවා.. අනිත් අයත් ඒවගේම තමයි.. ඒක අපේ සිරිත.. කවදාවත් තමන්ට විතරක් හදන්නේ නෑ.. හැමෝටම එක්ක තමයි උයන දෙයක්, කන බොන දෙයක් වුනත් කරන්නේ...)

දැං මොනා කරන්නද.. කස්ටියම ආව.. එකෙක් ඉන්න ‍ඔක්කොටෝම බත් උයන්නං කිව්වා... කපිල අයිය.. කපිල සහ සරුංගලය ළගදීම බලාපොරොත්තු වෙන්න.. පොර දැං අට දෙනෙකුට බත් උයනවා.. අපේ අනිත් සෙට් එකත් ආව.. ලේසි දෙයක් බැලුවා උයන්න.. එක් කෙනෙක් ගෙනාවා අල.. තවත් එකෙක් මාළු මිරිස් ගෙනාවා.. රසික අයිය ගත්තා හාල්මැස්සෝ.. අපේ අය ඒ වෙද්දි බටු වගයක් තෙල් දාල පරිප්පුවකුත් හදලානේ.. අපි ඔක්කෝම එකට දාල හත් මාළුවක් හදමු.. එකෙක් කිව්ව.. කොටින්ම කිව්වොත් කස්ටියම හිටියෙ කෙලින් ඉන්න බැරි තරම් බඩගිනිවෙලා.. ඒ යෝජනාව ඒකමතිකව සම්මතයි.. ‍එකක් අල සුද්ද කරන්න පටන් ගත්ත.. තව එකෙක් හාල් මැස්සෝ ටික හදන්න ලෑස්තිකරනවා... මටත් ඉතිං ඔතන හිටගෙන බලං ඉන්න බෑනේ.. ගත්ත මාළුමිරිස් ටිකයි ළුණු සුදුළුණු මිරිස් ටික අරං දඩ බඩ ගාල කැපුව.. ඒ ටික සෙට් වෙද්දි කනිය ඇවිල්ල පොල්ටික මිරිකන්නත් පටන් අරං... වැඩේ ගොඩ.. එක එකා ගිහින් වොෂ් දාගෙන ආව.. ඒ වෙද්දි රසික අයිය හාල්මැස්සෝ ටික ලිපේ කියල.. ලිපක් කිව්වට දර ලිප් නං නෑ.. හොට් ‍ප්ලේට් වලිං තමයි ගේම රන් කරන්නේ.. ඒකෙ උයන්න මාරම අමාරුයි.. අනික් ලිප් වගේ වැඩ දාන්න බෑ.. හොට් ප්ලේට් පාවිච්චි කරන ඇත්තෝ දන්නවා ඒක.. පස්සේ නාගත්ත එකෙක් හොද්දේ ඉතුරු වැඩ ටික බාර ගත්ත රසික අයිය ගියා නාගන්න.. 

කොහොම හරි නවය වෙද්දි කට්ටිමය උයලත් ඉවරයි.. සෙට් එකම බත් ටිකත් බෙදාගෙන සපුමලී බලන්නත් සෙට් වෙලා.. !!!

අදට නවතින්නං..

Thursday, May 24, 2012

රට යන අත...!!!

ජනාධිපතිතුමා කටාර් රාජ්‍යයයේ සංචාරයේය.. එහිදී කටාර් රාජ්‍යයේ එමීර් වරයා කොන්දේසි විරහිතව I repeat කොන්දේසි විරහිතව ලංකාවට සහාය දෙන බවට ප්‍රකාශ කරල තියෙනවා කියල විවිධ මාධ්‍ය මේ වෙද්දිත් වාර්තා කරලයි තියෙන්නේ.. ඒකෙන් පේන්නේ කටාර් රාජ්‍යය‍ත් ලංකාවට සප් ‍එක දෙන්න සූදානම් කියලද?? ඒ රටින් එලියෙ වෙන දේවල්.. ර‍ට ඇතුලට පොඩ්ඩක් එබුනොත් මෑත කාලෙදි වෙච්ච ලොකුම සිද්ධිය තමයි හිටපු හමුදාපති හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා නිදහස් කරල තියෙන විත්තිය.. බොහෝ ප්‍රීති ‍ගෝසා මැද්දේ එලියට ආපු එතුමා ආයෙත් ජනතා සේවයට කැපවෙනවයි කියල පත්තර වලින් නම් කියල තියෙනවා..‍ ඒත් එක්කම කට්ටිය දැන් එතුමාව එලියට ගත්තේ මමයි මමයි කියල ලකුණු දාගන්නත් පොඩි පොඩි ලයින් පාරවල් දානව වගේ.. ඒකත් පැත්තකින් තියමු.. රටේ ගොඩාක් දෙනෙක් මේ දවස් වල හැන්දෑවට බොහොම සීරුවට කරන වැඩක් තියෙනවා.. "IPL..."  ඉංදියාවේ සල්ලි කාරයන්ගේ සල්ලිවලට විකිනිච්ච වහල්ලු ක්‍රීඩකයෝ‍ ටික වැඩ දානව කට ඇරං ඇස් උඩතියං බලං ඉන්නවා.. ආ තව කට්ටියක් ඔය අතරේ පඩි වැඩිකරන්නයි කියනවා.. තෙල් මිල ගැන කථාවෙනවා... වාහන මිල ගැන කථාව.. බලං ගියාම කතන්දර ගොඩාාාාාාාාාාාාාාක්.. 

පොඩ්ඩක් හෝව්... !

රස්තියාදුකාරයා දෙසපාලනේ ගැන වත් ජීවන වියදමවත් නෙවෙයි මේ කියන්න යන්නේ.. අද කාටත් එලිපිට පේන්න තියෙන දෙයක්.. ගොඩ දෙනෙක් අමනාප වෙන්නත් පුළුවන් මේවගේ කථාවක් කියනවාට.. අර පහුගිය දවසක මහී බ්ලොග් එකේ තිබ්බ අද කාලේ ආදරේ කරන්නේකොහොමෙයි කියල ලස්සන කථාවක්.. ඒ වගේ දේවල් දැන් එතනට විතරක් නෙවෙයි සීමා වෙලා තියෙන්නේ කියන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. පාරකට බැස්සොත් හැම තැනම තියෙන්නෙ ඔය වගේ දේවල්මයි.. පොඩ්ඩක් හරි හිරට තදට කොටට ඇන්දොත් කස්ට්යම වයස් බේද නැතුව හැරිල බලනවා.. හරිය‍ට මැජික් වගේ.. කවමකවදාවත් නොදැකපු දෙයක් දිහා බලනවා වගේ.. රස්තියාදුකාරය හොස්ටල් ඉන්දැද්දිද් ඔය වගේ කේස් එකක් සෙට් උනා.. දවසක් හොස්ටල් ඉස්සරහ කඩේට ගියා මමයි තව දෙතුන් දෙනෙකුයි ක්‍රිකට් ගහන්න බෝලයක් ගන්න.. කොහොමත් කඩේට ගිහිල්ල බෝල ගන්නවට වඩා කරන්නේ කඩේ තියෙන දේවල් බලන එක.. ඒ කඩෙත් අයිටම් ලෝකයක්.. අළුතෙන් මාර්කට් එකට මොනාද එන්නේ ඒවගේ දෙයක් හරි ඩුප්ලිකේට් අයිටම් එකක් හරි ඒ කඩේ තිබ්බ.. කොටින්ම කිව්වොත් ස්ටිකර් කොලේ ඉදං වයර්ලස් රිමෝට් වාහන දක්වා අයිටම් ඒකෙ තිබ්බ... අපිත් ඉතිං අයියේ අරක මොකක්ද?? මේක මොකක්ද?? මේක කීයද?? අයියේ මේ අයිටම් එක අපිට කීයටද දෙන්නේ.. ?? මොනාද අයියේ එහෙම කියන්නේ.. අපි ඩේලි කස්ටමර්ස්ලා වෙලත්..(ඒත් කඩේ හිටි අයිය දන්නවා අපි හැමදාම ඇවිත් බලන එක විතරයි කරන්නේ කියල... එතකොට අපිව කස්ටමර්ස්ල කියන ගොඩට දාන්න බෑ නේද?) ඔය වගේ දේවල් කියෝ කියෝ ඉන්න එක.. දවසක් ඔහොම ඉන්නකොට පාට යන්නම හෝදපු ටයිට් ඩෙනිම් තුංකාලක් යනවා දැක්ක කඩේ තිබ්බ වීදුරුවකින්.. කට්ටියම එසැනින් කඩෙන් එලියේ.. ලස්සන කුඩයක් ඉහලං පොඩ්ඩක් අමාරුවෙන් පද්ද පද්ද (පැද්දි පැද්දි) යන ලලනා රූපයක්.. කොන්ඩෙත් කෙලින් කරල කියල කුඩේට පහලින් පේන්න තිබ්බ.. දැන් අපි මූණ අනුමාන කොරනවා... මචං පට්ට කෑල්ලක් වෙන්න ඇති බං.. අරකයි මේකයි කිය කිය.. අනේ පොඩ්ඩ දුරක් ගිහින් ඒ තැනැත්තිය ආපහු හැරිල බැලුව අපි ඉන්න දිහාව...

හත් දෙයියනේ...............! අවුරුදු හැටක විතර තරුණියක් කාන්තාවත්. අපේ එවුන්ට පොලොව පලාගෙන යන්න තරං ලැජ්ජයි.. කොහොම හරි බෝලෙ ගන්න කඩේට ආපහු ගියාම කඩේ හිටි එකා අහනවා.. මල්ලි කෑල්ල පට්ටයි නේද? කියල පොඩි කෝචෝක් හිනාවකුත් දාල.. මොනව කරන්නද ඉතිං.. බයිට් වෙනව කියල මෙහෙමත් බයිට් වෙන්න පුළුවන්ද?? ශේප් එකේ කඩෙන් ආවා.. වෙනදට රුපියල් පහක් හරි අඩුවෙන් දීල ගත්තු බෝලෙට ගහල තිබ්බ මිලම දීල ගන්නත් උනා...

හරි.. දැන්නං කට්ටියට මංඥං වගේද, නැත්තං රස්තියාදුකාරයා‍ට මංඥං කියල හිතෙනවද?? මූ මොකක්ද මේ ටයිටල් එකට දාල තියෙන්නෙ, දැං මොනාද මේ කියවන්නේ කියල.. නෑ දැනුයි කථාවට එන්ටර් වෙන්නේ..

අපි සමාජේ ජීවත් වෙද්දි, රස්සාවක් කරද්දි (කස්‍ටිය‍ ගොඩාක් වැඩියෙන් ඉන්න තැනක) පොඩ්ඩක් හරි මනුස්සයෝ එක්ක හිනාවෙලා කථාකරල ඉන්න මනුස්සයෙක් නම් ඌට මාසෙකට අඩුම තරමේ මල ගෙවල් දෙකක්, ‍මගුල් ගෙයක් දෙකක්, වැඩි විය පැමිනීමේ පාටියක් ( විනාඩි ගානක් ගියා මේ වචනෙ මතක් කරන්න.. සාමාන්‍යයෙන් කියන වචනේ දැම්මොත් මෙතනින් එහාට කියවන්න එකත් නැති වෙනවනේ...) තව උපන්දින, වැඩකරන අයගෙ ළමයින්ගෙ උපන් දින, දානමාන, බණ වගේ එකී මෙකී නොකී ගොඩාක් දේවල් වලට ඔළුව දාන්න යන්න වෙනවා.. 

දැන් වෙද්දි ගොඩාක් දෙනෙක් ඕවට යන්නේ ඇයි - පිරිමි අය...????? ආසාවට .. යන්න ඕනිවට... නැත්තං ඒ මනුස්සයා තමන්ගේ ඒවට ආපු හින්ද.. යාළුකමට.. එහෙමත් නැත්තං ඔය ඔක්කෝමත් ඔළුවෙ තියං හිතේ වෙනින් දෙයකුත් තියාගෙනද?

රස්තියාදුකාරය දැකපු ලොකුම හේතුව නං අරක්කු..........! 


තමං තනියෙන් හිතල බලන්‍න මේ කථාව කොයිතරං දුර‍ට ඇත්තද කියලා... රස්සාවල් කරන්නම ඕනි නෑ..ඇත්තම කිව්වොත් දැං ඉස්කෝලෙ යන එවුන් පවා අරක්කු බොනවා.. උන් නං ඊටත් වඩා දේවල් කරනවා.. ඒවා ගැන පස්සෙ වෙලාවකට කථාකරමු.. කැම්පස් ගත්තත් ඔය සංගෙදියම තමයි... 

අද කාලේ පාටියක් වෙන්න අරක්කු තියෙන්න ඕනියි කියලයි දැං මතේ වෙලා තියෙන්නේ.. අරක්කු නැති පාටිය ලුණු නැති කිරි හොද්ද වගේ කියලත් කියනවා...

මේ කථාව කොච්චර දුරට‍ ඇත්තද? මතක් කරල බලන්න.. බොන්න තිබ්බෙ නැති මගුල් ගෙයක්..? මල ගෙයක්? පාටියක් ගැන..? හැම තැනටම අරක්කු ඉස්සරහට එන්නේ ඇයි? අරක්කුවලට තියෙන මේ අමුතුම බලේ මොකක්ද? 

රාජකාරි ජීවිතයේදි වගකීම් වලින් තැලිල පොඩිවෙලා, කටුකාල චාටර් වෙල කුජීත වෙලා, තමන්ට කොහේවත් අදාල නැති මගුල් හින්ද එකම ඔපිස් එකේ එකට වැඩකරන් එවුන් එක්ක මරාගන්න වෙලාවල් අනන්තවත් රස්තියාදුකාරය දැකල තියෙනවා.. හැබැයි, හැන්දෑවට උන් දෙගොල්ලොම බෝතලයක් වටේ සෙට්වෙලා මුලින් බෝතලේ වටේ යවනවා.. අන්තිම වෙද්දි කට්‍ටිය යනවා බෝතලේ වටේ.... පහුවදාට දෙන්නා දෙගොල්ල ආයෙත් සේප්.. 

නිකමට අත්දැකීම් තියෙනවානං මතක් කරල බලන්න තමන් ගිහින් තියෙන බොන්න තිබ්බෙ නැති පාටි එකක්.. නිකං කිසිම ගෝ එකක් නෑයි කියල දැනිල නැද්ද??? නිකාං ඔහේ උඩ බලාගෙන ඉන්න එක.. බෑන්ඩ් එකක් හරි ඩීජේ කාරයෙක් හරි ඇවිල්ල වැඩක් දැම්මත් ඒකත් ‍ටිකක් වෙලා යද්දි එපා වෙලා නැද්ද.. හැබැයි ඒ වගේ වෙලාවක බොන හරියකට ‍ගියොත් එතන තියෙන ආතල් එක දන්නේ ඒ වගේ තැනක නිකමට වත් හිටපු කෙනෙක් විතරයි.. ඒ බීලත් එලියට ඇවිල්ල එයාල අනිත් අයටත් ආතල් දෙනවනේ .. ඒක ඔය ඔක්කොටෝම වඩා ආතල්...

මේ වගේ අවස්ථාවලට මූන දීල නැද්ද? මොකක් හරි පාටියකට එනවා.. මොනව හරි හේතුවක් මත බොන්න නෑ.. සාධාරන හේතු වෙන්න පුළුවන්.. ඒත් ඒ වගේ වෙලාවක ආපු අය එතනදි සල්ලි එකතුකරල බොන්න ගෙනාපු වෙලාවක්... එහෙමත් නැත්තං ආයෙත් එලියට ගිහින් බීලා පාටියට ආපු වෙලාවල්... තව, තෑග්ගක් විදිහට දෙන්න තීරණේ කරපු දේ වෙනස් වෙනස් වෙච්ච වගේ දේවල්... රස්තියාදුකාරයාට ඔය කිව්ව වගේ හැම ජාතියෙම අත්දැකීම් තියෙනවා.. ඒ වගේම තමයි ඒ ඒ අවස්ථාවල වෙච්ච සිද්ධීන් එක්ක බලද්දි බොන්න දීල තිබ්බනං සමහරවිට හොදයි කියලත් හි‍තුන වෙලාවල් තිබ්බ..

සමාගමයක් තියෙන තැන්වල ගොඩාක් වෙලාවලට බෝතල් එලියට එනවා.. ඇත්තටම බෝතලෙන් ඒ වෙලාවට වැඩක් වෙනව වගේම ‍අවැඩ වෙන වෙලාවලුත් තියනවා.. පොඩ්ඩක් දාගත්තට පස්සේ කොයි කවුරුත් ලස්සනට අතීත කථා එහෙම අදින්න ගන්නවා.. එතකොට තමයි වැඩේ නැගල යන්න පටන් ගන්නේ.. ඔය අස්සේ කව්රුහරි සිංදුකෑල්ලක් කිව්වොත් අහුවෙන දේකට තට්ටුවක් දාල සිංදු කියන්න පටන් ගන්නවා...

දැන් බොන දේවල් සම්බන්ධයෙන් ඇලජික් ඇති ඇත්තෝ මේ පොස්ටුව වැරදියට තේරුං ගන්න පුළුවං.. රස්තියාදුකාරයා අරක්කු ප්‍රමෝට් කරනවා කියල.. අපෝ නෑ.. රස්තියාදුකාරය ලිව්වේ රස්තියාදුකාරය දැකපු දේවල්.. එහෙම ඇලජික් ඇත්තෝ පහල තියෙන දේවලුත් කියවනවා හොදා.....

අපි පාටියකට යන්නේ බොන්නමද?? පාටි කියල අදහස් කරන දේ මේකට ප්‍රධාන වෙනවා.. පාටි වර්ගය, තියෙන වෙලාව මේ හැම දෙයක්ම මේකට බලපානවා... උදේ තියෙන දේකට ගිහින් මොනම එකෙක් වත් කැමති වෙන්නේ නෑ බොන්න.. ඔන්න ඉතිං එහෙමමත් කියල එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවං.. ඒක මේ ලෝකෙ හැ‍ටි.. දවල්ට තියෙන පාටියක් නං, සංගීතයක් එහෙමත් තියෙනවානං ආරාධිතයොත් ගොඩාක් පිරිමි උදවිය නං ගොඩාක් වෙලාවට අවදානමක් තියෙනවා.. මේ හැම කාරනාවක්ම තීරනේ වෙන්නේ යන පුද්ගලයො අනූව සහ යන තැන අනුව..ඔන්න ඉතිං හොදට කාල බීල ඉන්න සෙට් එකක් ගියොත් අනිවා ඔය අයිඩියා එක කාගෙන් හරි එලියට එනවාමයි.. එහෙම ආවා කියන්නේ අනිවා ඒ දේ ක්‍රියාත්මක වෙනවයි කියන දේමයි.. නිකමට හිතන්න ලොක්කෙක්ගෙ පාටියකට ගියා කියල.. ඒ වෙලාවට ගිහින් බොන්න ඉල්ලල පීචං වෙන්න බැරි නිසා කට පියං ඉන්න වෙලාවල් තියෙනවා... ‍පාටියෙ ඕගනයිසර්, Host කරන පුද්ගලය අමද්‍යප පොරක් නං ඉල්ලන එකත් සාමාන්‍යයෙන් කෙරෙනවා අඩුයි.. 

මේ කාරනේ වෙනස් වෙනව යන පිරිස අනුව.. මම මුලින් කිව්ව වගේ යන්නේ නෝන මහත්තයත්, ගෑණු ළමය, අම්ම තාත්ත එක්ක වගේ නං කොච්චර බොන්න උණ තිබ්බත් නොබී ඉන්න වෙනවා.. ඒව ඔක්කොම තියෙද්දිත් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා උගුරක් දෙකක් හලා ගන්න චරිතත් නැතුව නෙමෙයි..

තවත් දෙයක් බොන්න දෙන්නේ නැතුව පාටියක් ඕගනයිස් කරනවා නම් ආරාධිතයන්ට ඒබව කලින්ම දන්වන්න.. එන්නේ බොන සෙට් එකක් නං.. එතකොට එයාල තීරනය කරයි පාටියට එනවද නැද්ද කියල.. ඔන්න එතකොට හිතාගන්න එයාල එන්නේ තමන් වෙනුවෙන්ද නැත්තං බෝතලේටද කියල.. 

ඔය අස්සේම කියල දාන්නත් දෙයක් තියෙනවා... අපි කොහොම කිව්වත් බොන එකේ කොටස් ‍තුනක් තියෙනව... එක, බීලත් නොබිව්ව වගේ ඉන්න අය. දෙක, ගානට බොන අය.. තුන, කුඩුවෙන්න ගහන අය.. තනියෙන් කල්පනා කරල බලන්න.. එතකොට කරන්න ඕනි මොනවද කියල තමන්ටම හිතාගන්න පුළුවන්... 

"Prevention is better than cure" කියල කියල තියෙන්නේ නිකං නෙවෙයිනේ..

වැදගත්ම දේ.. මේ හැම දෙයක්ම පටන් අරන් තියෙන්නේ අපිමයි.. ඔව් මේ අපිමයි.. ඒ නිසා එක්කො ඒවා නවත්තන්න එහෙමත් නැත්තං ඒවා පාලනේ කරන්නත් ඕනි අපිමයි.. මතක තියාගන්න ඔය මොන ජාතිය උනත් විසක් මිස රසක් නෙවෙයි.. 

එකම එක ඉල්ලීමක් තියෙනවා රස්තියාදුකාරයාට කරන්න.. තමන් එක්ක ඉන්න කවුරුහරි (අම්ම තාත්ත, ගෑණු ළමය, පිරිමි ළමය, නෝන, මහත්තයා.... ඊටීසී) තමන් බොනවට අකමැතිනම් ඒ පුද්ගලයො ඉන්න තැන විතරක් වත් නොබී ඉන්න බලන්න.. තමන් වෙනුවෙන් ඉන්න මිනිස්සුන්ගේ හිත රිදවන්න එපා.. ඒක ගෙවාගන්න බැරි පවක්.. අපි කොයි කව්රුත් ලස්සනට ජීවත් වෙන මිනිස්සු.. ඇයි අපිම ඒක නාස්තිකරගන්නේ.. බීල කාටවත් ඇණයක් උනාම හැමෝටම කරදරයක්.. 

"මොනව බිව්වත් ඉතුරුවෙන්නේ ගද විතරයි"

පලි. අළුත් පොස්ටුවක් දාන්න බැරි උනේ රස්තියාදුකාරයා‍ගේ කකුලට ‍පූංචි අනතුරක් වෙලා ටික දවසක් ඇදටම වෙලා ඉන්නයි කියල දොස්තර මහත්තයා කිව්ව නිසා.. ඇවිදින්න පොඩ්ඩක් පුළුවන් වෙච්ච ගමන් තමයි මේක ලිව්වේ.. මේක අමුතුම තාලේ වැඩක් වැරදි ඇති, අඩුපාඩු ඇති. හිතෙන දේ කොමෙන්ටුවකින් දාල යන්න....