අතහිත

Wednesday, April 25, 2012

ඒ එදා ඔබ සිටි අතීතය


ඔව්... ඒ එදා ඔබ සිටි අතීතය
කට පුරා සිනා සුනු
හිත්  පුරා සේනේ දොරගලා ගිය
ඒ එදා ඔබ සිටි අතීතය

කාලයේ වේගය
අභිබවා ඉදිරියට
යන්නටම තැත්කල
ඒ එදා ඔබ සිටි අතීතය

නොගෙව්වත් මොහොතක්
ඔ‍බ වෙතින් වෙන්වී
තුන් තිස් පැය පුරාවට
ඒ එදා ඔබ සිටි අතීතය

දහයේ කණිසමට
ගෙන දු.ක අතට
පහන්වනතුරු හෙටට
නිමක් නොවූ තෙරක් නොපෙනෙන
අහස් ගඟ සැරි සර’යුරු
ඒ එදා ඔබ සිටි අතීතය
 
සඳම විය ඔබ
සඳ වෙනුවෙන් වැළපෙන පොඩි එකා විය මම
මක් වුනිද අපට
මේ මෙදා ඔබ නොමැති වත්මන........

Monday, April 23, 2012

සිහිනයක් හැබෑවූ වගයි...


දැන් වෙලාව හරියටම රෑ12.40... වෙන කොහේවත් රස්තියාදුවක ගිහින් නෙවෙයි.. රස්තියාදුකාරයා ගියානේ ඔය කියන සිහින බක්මහ උළෙල ට....

කොහොමින් කොහොම හරි ඉතාමත් අප්‍රසන්න පැ‍ය හයකට ‍පොඩ්ඩක් වැඩි නිදිමත බස්ගමනකින් පස්සේ රස්තියාදුකාරයා ආව තමන්ගේ කාමරයට.. බස් වල පැය ගානක් එක විදිහට ඉදගෙන ඇවිල්ල ඇගට නම් පොඩ්ඩක් අමාරුයි තමයි.. ඒත් මේ ලිපිය දැම්මම ලියන්න ඕනි කියල හිතුවේ මේක පරක්කු උනොත් අගේ නැතිවෙනවානේ.. අර අයිස්ක්‍රීම් දියඋනාට පස්සේ වැඩක් නෑනේ.. එතකොට ඒක කන්නත් බෑ බොන්නත් බෑ.. 

රස්තියාදුකාරයා බක්මහ උළෙලට එන්න ටිකක් විතර ප්‍රමාද උනා.. මොකද ඉස්සෙල්ල කිව්ව වගේ කොළඹින් ටිකක් විතර ඈතින් ඉන්න නිසා.. කොහොමහරි කුරේ ක්‍රීඩාංගනේට එද්දි තුන් පා දිවීම පටන් ගන්න හදනවා විතරයි.. පි‍ට්ටනියට ඇතුළට එනකම් කිසි ගානක් නෑ.. ඒත් ඇතුළට ආවට පස්සේ ටිකක් මොකක්ද ව‍ගේ.. කවදාවත් දැකපු නැති දන්නේ නැති පුද්ගල කණ්ඩායමක්‍ නේ ඉන්නෙ.. මොකද බ්ලොග් කියවල කොමෙන්ටු දැම්මට මේ කව්ද කියල පුද්ගලයන් විදිහට දන්නේ නෑනේ.. වාසනාවට වගේ මගේ මිත්‍රය සෑම් සහෝදරයා මුණගැහුනා ඒ වෙලාවේ.. ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.....

ඇත්තටම කිව්වොත් මම මේ අවුරුදු උත්සවේට එන්න ලියාපදිංචි උනාට කීයටවත් අපේක්‍ෂාකලේ නෑ මෙච්චර සෙනගක් ඇවිත් ඉදීවී කියල.. හිතාගන්නත් බෑ වගේ.. ඒත් ලියාපදිංචි උනාට පස්සේ නෑවිදින් ඉන්න එක හරි නැති නිසා තමයි ඇත්තටම මේකට සහභාගීවුනේ.. මොකද ළගපාතක නෙවෙයිනේ රස්තියාදුකාරයා‍ ඉන්නේ.. ඒ වුනාට ඇවිල්ල හිටි පිරිස දැක්කාම හරිම සන්තෝසයි.. වෙන ‍මොකවත් හින්ද නෙවෙයි.. මම ඇවිත් තියෙන්නෙ චොර වෙච්ච ඉවෙන්ට් එකකට නෙවෙයි කියල මට දැනුන හින්ද.. අර ස්තූති කථාවෙදි රාජ් සහෝදරයා කිව්ව වගේ උත්සවේ කව්රු සංවිධානය කළත් ඒකට සහභාගීවෙන ගාන අනුව තමයි ඕනිම දේක සාර්ථකත්වය රැදෙන්නේ... 

එතන ඉදල මුලින්ම කලේ හිටපු අය අදුන ගත්ත එක.. ඒ වැඩේදි ආදුනික බ්ලොග් කරුවෙක් වෙච්ච ම‍ට සෑම් සහෝදරයාගෙන් හොද සහයෝගයක් ලැබුනා.. ඒ පිළිබද මගේ කෘතඥතාවය මම සෑම් සහෝදරයට පළකරන්න කැමතියි මුලින්ම.. සිංහල බ්ලොග් අවකාශයේ ආදුනිකයෝ, දැවැන්තයෝ වගේම පාඨකයෝ ගොඩදෙනෙක් අදුනගන්න කථාකරන්න මට අවස්ථාව ලැබුනා.. ඒ ගැන නම් පුදුම සංතෝසයක් තියෙන්නේ.. 

ඊට පස්සේ දිවා ආහාරය... ඒ ගැන වැඩිය කියවන්න යන්නෙ නෑ.. අපූරුයි කියල කෙටියෙන් කියන්නම්.. මොකද නැත්නම් කව්රුහරි කියන්න පුළුවන් කන්න ආව කියලා... උත්සවේට එන්න කලින් ඉදලම ලොකු ආසාවක් තිබ්බ මොකක් හරි තරගෙකට ඉදිරිපත් වෙන්න.. දිනන්නම නම්‍ නෙවෙයි.. සහභාගී වෙන්න.. ඒ ආශාවත් ඉෂ්ඨ කරගන්න ලැබුනා.. එක පාරක් නෙවෙයි දෙපාරක්ම.. ඒ තමයි තොප්පි දැමිල්ලයි, කඹ ඇදිල්ලයි.. තොප්පිය නම් මුලින්ම වැටුනා ඒත් අපූරු යාළුවො සෙට් එකක් එක්ක හොද තරගක් දීලා නිවේදක සහෝදරය කිව්ව "අහිංසක අභියෝගය"කට මුහුණ දීලා ඒ‍කෙදිත් කීයටවත් අපේක්‍ෂා නොකරපු විදියට ශූරතාවයත් අරගන්න ලැබිච්ච එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි.. 
මේ පෝස්ටුව වැඩිය දිග්ගස්න්න විදියක් නෑ.. ‍හෙට .. ආ.. නෑ.. නෑ.. අද උදේම රාජකාරියට වාර්තා කරන්නත් තියෙන නිසා..

අවසාන වශයෙන් පුංචි දෙයක් කියන්න තියෙනවා.. ම‍ට අද අළුත් යාළුවෝ ගොඩක් ඇතිකරගන්න අවස්ථාව ලැබුනා.. ගොඩාක් විනෝද වුනා.. මං හිතනවා මේ උත්සවේට සහභාගී වෙච්ච හැමෝම ඒක කියාවි.. ඒ වගේ අවස්ථාවක් අපිට උදාකරදීම ගැන සංවිධායක මණ්ඩලේට මගේ ස්තූතිය පළකරන්න කැමතියි.. ඒ ‍වගේම මේවගේ දේවල් ඉස්සරහටත් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. මේ වගේ දේවල් ඉස්සරහටත් පවත්වන්න.. ළගක නොහිටියත් රස්තියාදුකාරයා අනිවාර්යෙන්ම ඒවට සහභාගී වෙනවා.... 

ජය !!!

පලි: ලිව්වේ නම් ඊයෙ.. ඒත් පබ්ලිෂ් කරන්න යද්දි එරර් මැසේජ් එකක් ආව.. නිදි මතේ නිසාද දන‍්නේ නෑ.. ඔන්න ඒ හින්ද දැන් දැම්ම..  කඹ ඇදිල්ලේ  අතුරුඵල ඇතිවන්නේ දැන්ය.. තරගයට සහභාගී වෙච්ච අය තෙල් බෙහෙත් ලෑස්ති කරගන්න‍වා හොඳයි !!! ;) 

Tuesday, April 17, 2012

රස්තියාදුකාරයාගේ අළුත් අවුරුද්ද


"මේ ලිපිය ලිව්වේ අප්‍රියෙල් 11 වෙනිදා.. ඒත් අවාසනාවට වගේ රස්තියාදුකාරයාගේ ගේ ඇතුලට මොබිටෙල් 3G නෑ.. ගෙයින් එළියට නම් උපරිම තියෙනවා.. ‍ඒත් ගේ ‍මිදුලේ ඉදන් මේ වගේ දෙයක් ක‍ලොත් මොනවයින් මොනව වෙයිද කියල කියන්න බැරි නිසා ඒ වැඩේ අතඇරියා.. ඒක නිසා ඔන්න පහුවෙච්ච අවුරුදු සුභ පැතුම.. "

ජීවිතය, ආදර‍ය, කරුණාව, වෛරය වගේ දේවල් එක එක දේවල් අතරේ කාලය ගත වෙලා යනවා අපෙ ඇගට දැනෙන්නෙත් නැතුවම.. අපි අපේ ඇස් දෙකෙන්ම ලෝකෙ දිහා බලා ඉන්නවා.. ජීවිතය පුරාවට, අපේ ඇස් පේන තුරාවට... ඒත් අපි කොච්චර විමසිල්ලෙන් බැලුවත් අපෙන් දවසකට ගිලිහිලා යන දේ ලැබෙන දේවල් වලට වඩා වැඩියි කියලයි මම නම් හිතන්නේ... ඒත් අපි හැමදාම උත්සාහ කරන්නේ අපිගාව තියෙන දේවල්, ඉන්න අය අපිට ගොඩාක් ළගින්ම තියාගන්න.. අපි ඒකට කොච්චර තදින් උත්සාහ කලත් වැඩිපුරම වෙන්නේ අපි ඒ අල්ලගන්න හදන, තියාගන්න දේ අපෙන් වඩාත්ම ඇතට යන එක.. එහෙම නේද? අපි මොනම දේකට උනත් ගොඩාරියක් ආසාවෙන් හිටියොත් ඒ දේ නැති වුන දාට අපිට ඒ දේට‍ ගොඩාක් ආදරේ කලා වගේම ගොඩාක් ලොකු දුකකුත් ඇතිවෙනවා... ඒක ලෝකධර්මතාවයක්ද කොහෙද.. පණ ඇරල ආදරේ කරල ඒ ආදරේ පොඩිත්තක් හරි වෙනසක් උනොත්.. බැරිවෙලාවත් ඒ ආදරේ නැති උනොත් කොයි වගේද කියල අමුතුවෙන් විස්තරකරල ලියන්න ඕනි නෑ‍නේ.. අපි හැමෝගෙම ජීවිතවලට අඩු වැඩි වශයෙන් ඔය කියපු අත්දැකීම් තියෙනවානේ... දැන් හිතයිද දන්නේ නෑ අවුරුද්දට විරහවක්වත් ලියන්න යනවා කියල..  හපොයි නෑ.. 

මේ අවුරුදු කාලේ හිත අතුලේ කොච්චර ලොකු දුකක් තිබුනත් අපි දිහා බලාගෙන ඉන්න අයට පේන්න වත් හිනා වෙලා ඉන්න.. ඒක රස්තියාදුකාරයා මේ ලිපිය කියවන හැමෝගෙන්ම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටින දෙයක්.. අපිට නොතේරුණට ඒ හිනාව එයාලට මහා ලොකු හයියක්.. දැන් මම අද කියන්න හදන ‍දේ ගැන කියන්නයි යන්නේ.. ‍

මේක මට ලැබුණු ඊමේල් පණිවිඩ‍යක තිබුණ දෙයක්.. මේ වෙලාවට ගැලපෙයි වගේ කියල හිතල මේ බ්ලොගය කියවන හැමෝම වෙනුවෙන් ඒක ලියන්න හිතුනේ.. 

කථාවට අනුව කුරුල්ලන්ට ගොඩාරියක් ආදරේ කරපු පුද්ගලයෙක් ලස්සන කුරුළු පැ‍ටව් දෙන්නෙක් අල්ලලා කූ‍ඩුවක දාල තියගෙන ඉන්නවා.. ඒත් මේ කුරුල්ලෝ දෙන්න තමන්ට ආදරේ නෑ වගේ කියල හිතල එක කුරුල්ලෙක්ව අතට අරන් ගොඩාක් ආදරෙන් වගේම ගොඩාක් තදේට අල්ලගෙන ඉන්නවා.. අනේ ටික වෙලාවක් යද්දි ඒ කුරුල්ල හුස්ම ගන්න බැරුව මැරෙනවා.. මේ සිද්ධිය දැකපු ‍තවත් පුද්ගලයෙක් අර කලින් කිව්ව පුද්ගලයට පොඩි උපදෙසක් දෙනවා.. ඒ අර කුරුල්ලො කන්න කැමති කෑම ටිකක් කූඩුවෙන් එලියෙ බිම දාල කූඩුවෙ දොර අරින්න.. අනේ ඒ කුරුල්ල ඒ කෑම ටික කාල මේ පුද්ගලයාගේ උරහිසේ වහනවා... 

මේ කථාව ගොඩාක් දෙනෙක් එක එක විදියට අහල තියෙන්න පුළුවන්.. ඒ කොහොම උනත් මේකෙන් ගන්න තියෙන්නේ අපි මොනම දේකට හරි ‍ගො‍ඩාක් ආදරේ කරනවානම්, ආස කරනවා නම් අපි ඒ දේම බදාගෙන ඉන්නේ නැතුව ඒ දේට, ඒ පුද්ගලයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න.. ඒ පුද්ගලයත් අපිට ඒ තරම්ම ආදරේ නම් කවමදාකවත් අපිව දාල යන්නේ නෑ... අනිත් දේ තමයි ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.. 

දැන් ආදරේ සහ අවුරුද්ද....

අවුරුද්ද කියන්නේ තම තමන්ගේ සිත්වල ආදරේ දෝරෙ ගලායන උත්සවයක්.. පින්බර මංගල්‍යයක්.. දරුවොයි දෙමව්පියොයි නෑයොයි ඔක්කොම එකට එකතු වෙලා සතුටු වෙන අවස්ථාවක්.. මේ ගැන ලස්සන ලිපියක් නිබුනා.. සම්මානි සහෝදරී ලියපු.. මෙතනින් ඒ ලිපිය කියවන්න..

මෙදා අවුරුද්ද කාගේවත් හිතට දුකක් ඇති නොවෙන විදිහ‍ට වැඩකරන්න උපරිමයෙන් උත්සාහ කරන්න.. හිතේ කොන්වල හිරකරන් ඉන්න පරණ තරහ මරහ අමතක කරන්න.. හැමෝටම ආදරයෙන් සපිරුණු සෞභාග්‍යමත් සුභම සුභ සිංහළ හා හින්දු අළුත් අවුරුද්දක් වේවා !!

රස්තියාදුකාරය කිව්ව වගේ.. තමන් දිහා බලන් ඉන්න අය වෙනුවෙන් හිනා වෙලා ඉන්න....

ජයෙන් ජයම වේවා... !!!

Tuesday, April 10, 2012

රස්තියාදුකාරයා ලෝකාන්තයේ - II


ලෝකාන්තය දෙවන කොටස පොඩ්ඩක් පරක්කුඋන එක ගණන් ගන්න එපා.. කොහේවත් රස්තියාදුවක ගිහිල්ල නම් නෙවෙයි.. රාජකාරි ගොඩාරියක් ඇවිත් පොඩි කාලයකින් ලොකු වැඩ ‍ගොඩක් කරන්න සිද්ධ උනා.. අවුරුද්දට නිවාඩු හම්බෙනව කියල ගොඩාක් ආයතන ප්‍රධානීන්ට මතක් වෙන්නේ නිවාඩුවකට දවසක් දෙකක් කලින් නිවාඩු ඉල්ලුම්පත් දැම්මාමනේ.... ඒකයි ප්‍රමාදයට හේතුව.. ඒ මොනව උනත් දිනපතා කියවන බ්ලොග් ටික නම් කියවන්න අමතක කලේ නම් නෑ.. එහෙම කියවන ‍දේවල් නවත්තන්න පුළුවන්ද මොන දේ උනත්.. නේ?? අර කාලයකට කලින් මූණු පොතේ සැරිසරපු පිංතූරයක තිබ්බ කථාව වගේ මොන වැඩ තිබ්බත් අපි ෆේස් බුක් ලොග් වෙනව කියනව වගේ.... 

ගොඩාක් අය කෝ දෙවනි කොටස කියල ඇහුවා.. ඒ හැමෝටම මෙන්න දෙවන කොටස.....

කොහොමින් කොහොම හරි සල්ලි ගෙවල අවසරපත්‍රයකුත් අරන් අපි ලෝකප්‍රසිද්ධ හොර්ටන් තැන්නට ඇතුළු උනා.. එතනින් එහාට නම් ගොඩාක් විතර ඒකාකාරී ගමනකින් අපි ලෝකාන්තය බලන්න ඇතුළුවෙන තැනට ආවා.. මෙතනදි ඉතාමත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ රස්තියාදුකාරයා මුල් පාරට ලෝකාන්තය බලන්න ආපු කාලේ හෝර්ටන්තැන්නේ තිබුණ ලස්සන කොල පා‍ට කවුරු හරි හොරෙන් අරන් ගිහින් වගෙයි පෙනුනේ.. ඒක නම් ඇත්තටම හදවත හූරනවා වගේ හැගීමක්.. ඇයි අප්ප මේවා ඉතින් කවදාහරි නැති උනොත් ඒකෙ පාඩුවත් අපිටමනේ.. කවුරු විසින් කොහොම මේවා වෙනවද, කරනවාද කියල නම් වශයෙන් රස්තියාදුකාරය කියන්නෙ නෑ.. ඒත් අපි හැමෝම හිතට ගන්න ඕනි දෙයක් තමයි අපි ලංකාවේ කොයි ඉසව්වේ හිටියත් අපි අපේ අවට තියන, යන එන තැන්වල පරිසරයට ආදරය කරන්න... ඒ පරිසර ආරක්ෂා කරන්න.. ආදරය කරන්න කියන එකෙන් මම අදහස් කලේ ඒ ඒ තැන්වල තියෙන ගස් වැල්, පැළෑටි හොරෙන් ගෙදර අරන් ඇවිත් පොච්චියක දාල මම මේක අරහෙන් ගෙනාවා මෙහෙන් ගෙනාව කියන එක නම් නෙවෙයි.. ඕනිම දෙයක් තියෙන තැනම තියල ඒකෙ ලස්සන බලනවා නම් ගොඩක් හොදයි කියලයි රස්තියාදුකාරයාගේ අදහස.. රස්තියාදුකාරය උසස්පෙළට ජීව විද්‍යාව නම් කරල නෑ.. ඒත් හිටි හැටියේම පරිසර තත්ව වෙනස් කරන එක ගොඩක් ශාක වල පැවැත්මට හැනිකරයි කියල තමයි අහල තියෙන්නේ.. වැඩිය ඕනි නෑ.. පැළෑටි කථා ඕනි නෑ.. අපි අපි ගැනම අරන් බලන්නකෝ.. අපි එක තැනක අවුරුදු කිහිපයක් වැඩ කරනවා.. ක්‍ෂණිකව අපිව දානව වෙනමම අළුත් තැනකට.. හිතල බලන්න කොහොමට තියෙයිද කියල.. දැනට ඒවගේ අවස්ථා වලට මුහුන දීලා තියෙන අය ඉන්නවා නම් දන්නවා ඒක කොච්චර ලොකු කරුමයක්ද කියල... රස්තියාදුකාරයාටත් ඔය වගේම අවස්ථාවක් උදාවුනා මෑතකදි.. ඒකයි මේ කථාව මතක් උනේ.. මීට අවුරුදු දෙකකට විතර කලින් මමයි, අපේ සෑම් සහෝදරයයි එ‍කම කොම්පැනියේ රාජකාරි කරද්දි මට දැන් රාජකාරි කරන ස්ථානයට අළුත් පත්වීමක් ලැබුනා.. මාත් ඉතින් මහා ගොඩාක් බලාපොරොත්තු තියගෙන ආව.. කලින් ඔපීසියෙ වගේම මෙහෙත් හො‍  ද සෙට් එකක් ඉදියි, අරවද මේවද කියලා.. මොන කථාද.. ආපු ගමන් ලැබුනේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න අම්මල තාත්තල සෙට් එකක් .... හිතා ගන්න පුළුවන් නේ කොයිවගේ තත්වයක් තියෙන්න ඇද්ද කියලා.. එයාල එක්ක මම මොනව කථාකරන්නද කියල හිතාගන්න බෑ.. විහිළුවක් කරන්නවත් විදියක් නෑ... කොහොම උනත් ඒ උදවිය බොහොම කරුණාවෙන් මට මගේ රාජකාරිය කරන්න පසුබිම හදල දුන්න, කියල දුන්න.. ඒ නිසා මම අදටත් ඒ උදවියට ගරු කරනවා...



හනේ ලෝකාන්තයෙන් ගොඩාක්  දුර ගියා... ඔන්න ආයෙත් පාරට ...

ඉස්සර දවසක යද්දි හෝර්ටන් තැන්න පුරා දුවපු ගෝන රංචු වෙනුවට තිබ්බේ පිචිචිලා වේලිලා ගියපු දිරාපත් උන ගස් ටිකක් විතරයි.. කොළ පාට තියෙන හරියක් හොයන්න පොඩ්ඩක් විතර මහන්සි වෙන්න වෙනවා දැන්නම්.. මට දැනගන්න ලැබුන විදියට මෑතකදි කරපු පරීක්‍ෂණයකදි හොයාගෙන තියෙනවා මහනුවර ප්‍රදේශයේ ඇතිවෙලා තියෙන වායු දූෂණය හෝර්ටන් තැන්න විනාශවෙන්න මූලික සාධකයක් කියලා.. රස්තියාදුකාරයාට ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒ පරීක්‍ෂණය ‍කණ්ඩායමේ නායකත්වය දරපු ආචාර්ය යාපා මහතා සමග කථාබහ කරල ඒ පිළිබද විස්තර මේකෙම පළකරන්න, කාටත් කියවන්න පුළුවන්නේ එතකොට... 

කොහොම හරි මේ කාරණය මම එතනදි එලියට ඇද්ද.. මගේ ගමන් සගයා මහනුවර සිංහලයා ට නම් නහුතෙට නැගල මේකට.. මාත් එක්ක තර්ක කරන්න ගත්තා නෑ ඒක එහෙම වෙන්න බෑ කියලා.. ඒවා ඒ හැටි දුර ගිය ඒවා නම් නෙවෙයි.. ඉක්මනට ඉවර උනා.....

අපි ගිය වාහනය නවත්වලා අපි ගියා ඇතුළු වෙන තැනට.. හනේ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් වත් ඒ විදිහට පරීක්‍ෂාකරන‍්නේ නෑ මම දැකපු විදියට... වැඩියෙන්ම බල‍න්නේ සිගරට්, ගිනිපෙට්ටි වගේ දේවල් තියෙනවාද කියලා... ඒවත් ඉතින් අපේම උදවිය නිසාම අදට ලැබිච්ච දායාද තමයි.. ඒ ඉදිරි ආරක්‍ෂක වලල්ල පහුකරල අපි ඉස්සරට ඇදුනා.. ඊළගට තිබුනෙ ආයෙත් දරුණු තීරණයක් ගන්න වෙලාව... 

                                              

ලෝකාන්තය බලන්න ගිය අය නම් මේක දන්නවා‍, ඒත් මම ඒකත් දාන්නම්කෝ.. හොර්ටන්තැන්නේ ආරක්‍ෂක අංශය පහුකරල ඉස්සරහට යද්දි හම්බෙනවා තුම්මංහන්දියක්... ඒ කියන්නේ අපි යන පාර ඇරුණම ලෝකාන්තයට යන්න පාරවල් දෙකක් තියෙනවා.. වම් අත පැතේතෙ පාරෙන් කෙලින්ම ලෝකාන්තයට යන්න පුළුවන්.. දුරින් අඩුයි.. හැබැයි ගොඩාක් ඒකාකාරී පාරක්.. හන්දිපත් රුදාව තියෙන ඇත්තෝ එහෙම ඒ පාරෙන් යාම සහ ඒ පාරෙන්ම ආපසු ඒම ව‍ඩාත් සුදුසුයි.. නැත්තම් නඩේ අනිත් අයට පොඩි පොඩි අපහසුතාවයන්ට එහෙම මුහුන දෙන්න වෙයි.. රස්තියාදුකාරයාගේ උපදෙස "මෙන්න ලෝකාන්තය" කියල පෙන්නන්න එන අයට වඩාත්ම සුදුසුම පාර ඒක...

දකුණු පැතතෙන විහිදෙන පාරෙන් ගියොත් ගොඩාක් ලස්සන තැන් එහෙම බලාගෙන හොදට විනෝද වෙලා එන්න පුළුවන්.. ගොඩාක් ලෝකාන්තය බලන්න එන තෝරගන්න පාර තමයි ඒ.. 

ඔය කොහොම උනත් අපි දෙන්න යන්න ගියෙ වම් පැත්තෙ තියෙන පාරෙ.. ඒ පාරෙ යද්දි ජපන් ජාතිකයෙක්ව අපිට මුණගැහුනා.. සෑහෙන දුරක් ගියාට පස්සේ තමයි තේරුනෙ ඒ පිරිමි පුද්ගලයෙක් කියලා... අර අර ජාතියෙ නෙවෙයි.. ඒත් හොයාගන්න අමාරුයි.. (හිකිස්) සුද්ද කොහොම උනත් සුද්දව එක්කන් ඇවිත් තිබ්බ මාර්ගෝප‍‍දේශිකාව නම් ඇස්වහක් කටවහක් නෑ, තවටිකක් සුදු උණානම් අනිවා රූපරැජින තරගෙට ඉදිරිපත් කරන්න තිබුණා.. අ‍ඩුවකට කියල ති‍බ්බේ ඒක විතරයි... 

මෙහෙම කිව්ව කියල අනිත් ඇත්තෝ රස්තියාදුකාරයා කෙරෙහි වෛරී සිත් ඇති කර නොගනීවායි උදක්ම බලාපොරොත්තුවෙමි. 

ඔය ඔක්කොම බලාගෙනම අපි ලොකාන්තය වෙතට ආවා.. අනේ වැස්ස නැතුවට මීදුම.. ලෝකාන්තයෙන් එහා ඉතින් මොකුත් තියෙන්න විදියක් නෑනේ.. එතනන ලෝකේ - අන්තෙනේ.. 

                                      

එතන නම් පොඩ්ඩක් මහන්සි අරින්න නැවතුනා.. නැවතිලා අර මුලින් කියපු දකුණු පැත්තේ පාරෙන් යන්න පිටත් උනා.. ඒ පාරෙ ගිහිල්ල එක තැනක හොල්මනකටත් තව පොඩ්ඩෙන් අහුවෙනවා..

සිද්ධිය මේකයි, (ඒක දාන්නත් නිකන් මොකක්ද වගේ...) ඒ පාරෙ තරමක් දුරකට යනකොට පොඩිකන්දක් අහුවෙනවා.. මේ කියන්නේ බේකර්ස් ඇල්ල තියෙන පුංචි කන්ද ගැන.. ඒ කන්ද නගින්න යන තැනම (අඩි)පාර පාරවල් දෙකකට බෙදෙනවා.. අපිට ආයෙත් ප්‍රශ්ණයක්!!!! කාගෙන් කියල අහන්නද?? අපිට මාර්ගෝපදේශකයෝ නෑනේ!!! ඕනි දෙයක් වෙද්දෙන් කියල කන්ද පහලට තිබ්බ පාරෙ යන්න පිටවුනා... හෆොයි!!! විනාසයි.. අපි දෙන්න ඇවිල්ල තියෙන්නේ හෝර්ටන්තැන්නේ සිරි නරඹිමින් ශරීරකෘත්‍ය කරන්න හදපු තැනකට !!! දෙන්නටම දැන් හිනා.. කමක් නෑ.. ආපු එකේ ඒක හදල තිබුණදේට පාවිච්චිකරල පිට වෙන්න හදද්දි කරාමයකින් නවතින්නේ නැතුව වතුර යනවා.. අපරාදයක් නේ කියල ආපහු හැරිල ඒ කාමරයට කිට්ටුවෙනකොටම දඩාං ගාලා දොර වැහුනා... ඇත්තම කිව්වොත් එහෙම ඒ වෙලාවේ හුළං පොදක් තිබ්බේ නෑ.... ආයෙ වෙන මොන කථාද.. වැහුන දොරේ සද්දේ නැති වෙන්න කලින් අපි පාර බෙදිච්ච තැන.. බයකට නම් නෙවයි දිව්වෙ හොදේ!!

ඊට පස්සේ අර කිව්ව කන්ද නගින්න පටන් ගත්ත.. අඩේ හිත කූල් කරන සද්දයක් ඇහෙනවා.. දිය ඇල්ලක්!!!!!! රස්තියාදුකාරයා මීට කලින් බේකර්ස් ඇල්ල දැකල තිබුනෙ නෑ... මහා විසාල දිය ඇල්ලක් නම් නෙවෙයි.. ඒත් ඇතට පුදුම ලස්සනක් තියෙන්නේ. ළගටත් ඒ වගේමයි.. දිල ඇල්ල ගැන විස්තර කරන්‍න යන්නේ නෑ.. ඔන්න රෑපයක්ම දැම්ම.. නොදැකපු අයෙක් වෙතොත් බලා සැනසෙත්වා.....






බේකර්ස් ඇල්ලෙන් මූණ එහෙම සෝදගෙන එද්දි තවත් ලස්සන තැනක්..



එතනත් බලල අපි බොහොම හෙම්බත් වෙලා අපි මුලින් පටන් ගත්තු මුර කු‍ටිය ගාවට ආව.. දළවශයෙන් බැළුවොත් කිලෝමීටර නවයකට කිට්ටු දුරක් පයින් ඇවිදල.....

ඊට පස්සේ ‍හොර්ටන්තැන්නේ තියෙන පුංචි ග්‍රොසරියෙන් කිඹුලො දෙන්නෙකුත් කාල ආපසු එන්න පිටත් උනා.. ලිප්ටන් සීට් 11 න් කිව්ව වගේ මෙදා පාරත් රෙකස්ටන් එකක් එක්ක පොඩි රේස් එකක් ආවා.. මෙදා පාර නම් අපි තමයි ඉස්සරහින් හිටියේ....

හා... අදට ඇති වගේ.. මහන්සියි.. ළගදීම අළුත් රස්තියාදුවකින් හම්බවෙමු... එහෙනම් සලංහන්තේ...